* රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තලෙයිබාන් ත‍්‍රස්තයන් ද මරලා
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර හමුදා රෝහලකට එල්ල වූ අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 34ක් මරුමුවට පත්වූහ. තවත් 50කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූහ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු සහ සන්නද්ධ ත‍්‍රස්තයන් කණ්ඩායමක් මෙම ප‍්‍රහාරය එල්ල කර තිබේ.
මෙම පශාරය එල්ල වූයේ ඩාවුඞ් කාන් රෝහලටය. තුවාල ලත් තලිබාන් ත‍්‍රස්තයන් සහ හිටපු සෙබළුන්ට ප‍්‍රතිකාර කිරීමට මෙම රෝහල වෙන්කර තිබුණි. රෝහල ඉදිරියේ නතර කර තිබූ පුපුරණ ද්‍රව්‍ය සහිත වාහනයක් ද පුපුරා ගොස් තිබේ. මෙම ප‍්‍රහාරයේදී තලිබාන් ත‍්‍රස්තවාදීන් ද මරුමුවට පත් වී ඇත. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තලෙයිබාන් ත‍්‍රස්තයන් රැසක් ද අයිසිස් ත‍්‍රස්තයන් විසින් වෙඩි තබා මරා දමා තිබේ. එම රෝහලේ සිටි වෛiවරු සහ හෙදියන් තෙවැනි මහලේ කාමරයකට වැදී දොර වසා ගැනීමෙන් දිවි බේරාගෙන ඇත.
|