ඉරාකයේ සිටින අයිසිස් ක‍්‍රියාකාරීහු කිර්තුන් නගරයේ පොලිස් ස්ථානයකට කඩාවැදී එල්ල කළ ප‍්‍රහාරයෙන් භටයන් 10 ක් මරුමුවට පත්වී ඇත. තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබේ. මෙම ප‍්‍රහාරය මෙතෙක් එල්ල කළ බරපතළම ප‍්‍රහාරයකි. කිර්තුන් නගරය වෙත අතිරේක පොලිස් බළඇණි පැමිණීමට පෙර ත‍්‍රස්තයන් පැනගොස් තිබේ.