අයිසිස් නායකයාට එරෙහි මෙහෙයුම් නිම වී එනවිට අල්කයිඩා ප‍්‍රහාරයකට මුහුණදීමට කොමාන්ඩෝ භටයන්ට සිදුවුණා – ධවල මන්දිරය හෙළි කරයි

760

අයිසිස් නායක කුරෙයිෂීට එරෙහි මෙහෙයුම නිමා වී ආපසු යෑමට ක‍්‍රියා කරන අවස්ථාවේ අල්කයිඩා ත‍්‍රස්ත කණ්ඩායමක් ඇමෙරිකානු හෙලිකොප්ටරයකට ප‍්‍රහාර එල්ල කළ බවත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ත‍්‍රස්තයන් දෙදෙනකු මරා දැමූ බවත් ධවලමන්දිරය තොරතුරුවලින් අනාවරණය වී ඇත.

 අලිකයිඩා ත‍්‍රස්තයන් කණ්ඩායමට සම්බන්ධව ඉතිරි පිරිස පලාගොස් ඇතැයි ද ධවල මන්දිර ප‍්‍රකාශකයෙක් පැවසීය. මේ අතර තමා සිටින ස්ථානය හසු නොවනු පිරිස කුරෙයිෂි ජංගම දුරකථන සහ චන්ද්‍රිකා දුරකථන භාවිත නොකළ අතර ත‍්‍රස්ත ප‍්‍රහාර සිදු කිරීමේ නියෝග ගෙන යන කණ්ඩායමක් ලවා සිය මෙහෙයුම් කටයුතු දියත් කළ බවත් ඇමෙරිකානු බුද්ධි සේවාව හෙළි කර ඇත. කුරෙයිෂිට එරෙහි හමුදා මෙහෙයුමෙන් පසු මුහුණ  හඳුනාගැනීමේ ක‍්‍රමවේදය ඔස්සේ අයිසිස් ත‍්‍රස්ත නායකයාගේ ඡුායාරූපයක් ද ගෙන තිබේ. මෙම හමුදා මෙහෙයුම සිදු වුණේ තහීර් අල් ෂහාම් නැමැති අල්කයිඩා කණ්ඩායමේ කේන්ද්‍රස්ථානයක් වූ ප‍්‍රදේශයක බව ද ධවල මන්දිරය හෙළි කර ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය


advertistmentadvertistment