අයි.එම්.එෆ් ඇගයීම් ලැබෙනවා – ඇමැති ෂෙහාන් කියයි

73

අයිඑම්එෆ් වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කරන බවත් තවදුරටත් ණය තිරසාර භාවය ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහාය සහතික කරන බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය තමාට පැවසූ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම් සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ඇය මේ බව පවසා තිබේ.

දූෂණ විරෝධී ක්‍රියා මාර්ග හා පිළිගත් පාලන ක්‍රමවේදයන් හඳුන්වාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට කරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මේ සාකච්ඡාවේ දී අවධානය යොමුවූ බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

මේ සංචාරයේදී තමන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්‍ෂ කෙන්ජි ඔකමුරා මහතා ද හමුවූ බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහ ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට සහාය දැක්වීම මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට ඔහු සහතික වූ බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment