ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත පිරිසක් අද (02දා) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔවුහු ඔක්තෝබර් 04 දින දක්වා මෙරට රැඳී සිටිති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ප්රමුඛ එම නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිතය.
මෙම හමුවේදී ආර්ථිකයේ වර්තමාන ප්‍රගතිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
අද දින ශ්‍රී ලංකාවට පැමිණෙන අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග අදාළ වැඩසටහන ගැන ගැඹුරු සාකච්ඡාවක් සිදු නොවන බවත් එය මූලික සාකච්ඡාවක් පමණක් වනු ඇති බවත් මේ හමුව ගැන රජයේ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමතිවරයා පැවසීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත