අයි.පී.එල්. අවසන් වටයට තියුණු සටනක්

584

මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී අවසන් වටයට සුදුසුකම් ලබන සිව්වන කණ්ඩායම සඳහා මේ වනවිට තියුණු සටනක් නිර්මාණය වී තිබේ. එ් අනුව මේ වනවිට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් සමත්වී තිබෙන අතර සිව්වැනි කණ්ඩායම කවුරුන්ද යන්න ඉදිරි තරග ප‍්‍රතිඵල අනුව තීරණය කෙරෙනු ඇත.

 පසුගිය වර ශූරයන් බවට පත්වූ මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වනවිට මෙවර තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානයේ පසුවේ. එහිදී ඔවුන් තරග 12කදී ජයග‍්‍රහණ 5ක් වාර්තා කර තිබෙන අතර එ් අනුව අවසන් වටය සඳහා බලාපොරොත්තු තබා ගැනීමට නම් ඉතිරි තරග දෙකම ජය ගැනීම අනිවාර්ය කරුණක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් මේ වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානයේ පසුවන රාජස්ථාන් රෝයල් කණ්ඩායමද තරග 12කදී ජයග‍්‍රහණ 05ක් වාර්තා කිරීමට සමත්වී සිටී.

 මේ අතර පෙරේදා (04 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර්  කිංග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලූ 3ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. එ් අනුව මෙවර තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි කණ්ඩායම සමත්වූ අතර අදාළ ජයත් සමගින් තරග 13කදී ජයග‍්‍රණ 10ක් වාර්තා කිරීමට ඔවුන් සමත් වී තිබේ.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 136ක් වාර්තා කිරීමට සමත්වූ අතර ජයග‍්‍ර‍්‍රාහි ඉලක්කය හඹා ගිය දිල්ලි කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලූ 7ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

 චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් අම්බති රයිදු පන්දු 43කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 55ක් වාර්තා කළ අතර රොබින් උත්තාපා සහ මහේන්ද්‍ර සිං දෝනි පිළිවෙලින් ලකුණු 19 සහ 18 බැගින් රැුස් කළේය.

 දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් ෂිකර් ධවාන් ලකුණු 39ක් ෂිමර්න් හිට්මයර් නොදැවී ලකුණු 28ක් වාර්තා කළේය. රවීන්ද්‍ර ජඬේජා සහ ෂාදුල් ඨාකූර් දිල්ලි ඉනිමේ කඩුලූ 2 බැගින් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment