අයි.සී.සී. ටෙස්ට් කි‍්‍රකට් ලෝක කුසලාන දෙවැනි අදියරේදී – ශී‍්‍ර ලංකාවට තරග 13ක්

254

අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අදියර (2021-2023) ලබන අගෝස්තු මාසයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එ් අනුව එම තරගාවලිය යටතේ තරග 13ක් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව මෙවර ශී‍්‍ර ලංකාවට හිමිව තිබේ.

අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු අදියර පසුගියදා නිමාවට පත්වූ අතර එහිදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින් නවසීලන්ත කණ්ඩායම ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය. එම අදියරේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග 12කට සහභාගි වූ අතර එහිදී තරග 2ක් පමණක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. එ් අනුව අදාළ තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයට පත්වූ ශී‍්‍ර ලංකාව එහිදී තරග 6ක් පරාජයට පත්වී තරග 4ක් ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

පසුගිය අදියර යටතේ ඉන්දීය කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියාව සමගින් තරගාවලියක් කී‍්‍රඩා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට අවස්ථාවක් නොලැබුණ ද දෙවැනි අදියරේදී එම අවස්ථාව උදා වී තිබේ. එ් අනුව මෙවර අදියරේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාව සමගින් තරග 2ක්, ඉන්දියාව සමගින් තරග 3ක්, නවසීලන්තය සමගින් තරග 2ක්, බංග්ලාදේශය සමගින් තරග 2ක්, පාකිස්තානය සමගින් තරග 2ක්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් තරග 2ක්ද තරග වැදීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවැනි අදියරේදී එංගලන්ත කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව සමගින් තරග වැදීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට අවස්ථාවක් ලැබී නොමැත.

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් අයි.සී.සී. ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අදියර ආරම්භවීමට නියමිතව තිබේ. එ් අනුව එම තරගාවලිය සහ ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය මෙවර ලෝක ශූරතාවලියේ තරග 5 කින් සමන්විත තරගාවලි දෙක වේ. ඊට අමතරව තරග 4කින් සමන්විත එක ටෙස්ට් තරගාවලියක්, තරග 3කින් සමන්විත තරගාවලි 7ක් සහ තරග 2 බැගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 17ක් ලෝක කුසලාන දෙවන අදියරට ඇතුළත් වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment