අයි.සී.සී. මාසයේ ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

128

මෙම වසරේ ජූලි මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කරන ලද මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සමත්වී තිබේ. නිමාවට පත්වූ ඔස්ටේ්‍රලියා ටෙස්ට් තරගය සහ පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් මෙම සම්මානයට හිමිකම් කීමට ප්‍රභාත් ජයසූරියට අවස්ථාව හිමිව තිබේ.

 ජයසූරියට අමතරව ජූලි මාසය සඳහා නම් කළ මෙම සම්මානය සඳහා එංගලන්තයේ ජොනි බෙයාස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්ටාව් මැකියන් ගේ නම් යොජනා වී තිබිණි.

 මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට් තරග 3කට පමණත් ක්‍රීඩාකර ඇති ප්‍රභාත් ජයසූරිය එහදී කඩුලු 29ක් බිඳ දැමීමට සමත්වී තිබේ.

 ප්‍රභාත් ජයසූරිය මාසයේ අයි.සී. ක්‍රීඩකයා ලෙස නම් කරද්දී එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයකු එම සම්මානය දිනා ගත් දෙවැනි අවස්ථාව වෙන අතර මීට පෙර පසුගිය මැයි මාසයේදී ආසියානු ක්‍රීඩකයා ලෙසින් ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment