අරගලකරුවන්ට ගෝල්ෆේස් එකෙන් යන්න කියයි – පොලිසිය ලිඛිතව දන්වයි

210

ගාලුමුවදොර පිටිය හා ඒ අවට ප්‍රදේශයේ කර ඇති අනවසර ඉදිකිරීම් මෙන්ම වගා කටයුතු වහාම ඉවත් කර ගන්නා ලෙස දන්වමින් කොටුව පොලිසිය ඊයේ (03) පස්වරුවේ ගෝල්ෆේස් අරගලකරුවන්ට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

අදාළ භූමි ප්‍රදේශය රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක් වන බැවින් පොලිසිය මෙම දැනුම් දීම සිදුකර ඇත.

එසේම රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් කටයුතු කළ යුතු බවත් ජනතාවට පීඩාකාරී ලෙස නිත්‍යානුකූල නොවන ලෙස හැසිරීමෙන් වැළකී කටයුතු කළ යුතු බවද පොලිසිය එම නිවේදනය මගින් දැනුම් දී ඇත.

අගෝස්තු 05 දින සවස 5.00ට පෙර මෙම ඉවත් කරගැනීම සිදු කළ යුතු බවටත් එසේ නොකළහොත් නිත්‍යානුකූලව කටයුතු කරන බවටත් පොලිසිය වැඩිදුරටත් එම නිවේදනය මගින් අරගලකරුවන්ට දැනුම් දී තිබේ.

අරගලකරුවන්ට කොළඹ විහාරමහාදේවි උiානය ලබාදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නිවේදනය කර තිබිණි.

එමෙන්ම සාමකාමී විරෝධතාකරුවන්ට කොළඹ නගර සභාව හරහා පහසුකම් ලබාදෙන බව ජනාධිපතිවරයා දැනටමත් පවසා ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment