සමාජ ක්‍රියාකාරිනියක ලෙස මෙරට දුෂ්කර ගම්මාන ආශ්රිත මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති කාවින්ද්‍යා තෙන්නකෝන් තරුණිය ඇය ඉගෙනගත් ඇමෙරිකාවේ කැලිෆෝනියාහි ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සිය උපාධි තොප්පියේ මෙරට තරුණ පිරිස ආරම්භකර ඇති අරගලයට සුභ පතා සටහනක් තැබීම කැපීපෙනෙන සිදුවීමක් විය.එහි ඇය සඳහන් කර තිබුණේ විශිෂ්ට අරගල බොහෝමයක් පටන්ගන්නේ පන්ති කාමර වලින් බවය.එසේ සඳහන් කරමින් ඇය අරගලයට ජය පතා තිබුණි.

කවින්ද්‍යා 2015 වසරේදී ලන්ඩනයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සඳහාවූ තරුණ නායකත්ව වැඩසටහනේදී දස්කම් දක්වා මහ රැජිනගෙන් සම්මාන ද ලබා ඇත.
