අරගලයේ විප්ලවවාදී සිත්තම

170

විසිවන සියවසේ සම්භාව්‍ය නවකතා කීපයක් වන අමරසේකරගේ යළි උපන්නෙමි, දෙපා නොලද්දෝ, කරුමක්කාරයෝ සහ ගන්ධබ්බ ආපදානය සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා සිරි ගුණසිංහගේ සෙවනැල්ල සහ මාර්ටින් වික‍්‍රමසිංහගේ විරාගය යන නිර්මාණ සියල්ල පුද්ගල කේන්ද්‍රීය වූ යථාර්ථවාදී නිර්මාණ වූහ.

යථාර්ථවාදී සිංහල නවකතාව අතරට පිවිසි අලූත් කෘතියක් ලෙස ආනන්ද ගුණතිලක විසින් රචිත ‘‘සිසිලාග්නි” නවකතාව හඳුන්වා දිය හැක. මෙරට සමාජ දේශපාලන වර්ධනයේ තීරණාත්මක දශක තුනක්, එහි අන්තර්ගත වන කාලය සහ අවකාශය පදනම් වශයෙන් ගෙන, බෙහෙවින් සියුම් වියමනක් ලෙසින් ජනගත කර තිබේ. සමාජ ආර්ථික අර්බුද දැනුමින් පවතින යුගයක, පැරණි වාමාංශික දේශපාලනයෙන් සහනයක් හෝ පිළිතුරක් නොදකින නව පරපුරක් මේ නවකතාවේ පදනම් සාධකය වී ඇත. අධ්‍යාපන සහ සමාජමය රළ නැග්ම තුළ දෝලනය වන තාරුණ්‍යයේ පේ‍්‍රම වේදනාවන්, ඒකපාක්ෂික විරහව, ගැටවර වියේ ලිංගික පිබිදීම, ආශා බරිත අනුරාගය, ආදරයෙ සෞන්දර්ය අනාථ පීඩනය ගිනි පුලිඟු සහ ශිෂ්‍ය හා තරුණ අරගලයේ විප්ලවවාදී පරිත්‍යාග මෙහි සිත්තම් වන්නේ පුද්ගල කේන්ද්‍රීය වූ ද මුල සිට අගට එකට බැඳී ගලා යන්නා වූ ගෙත්තමක් විලසිනි.

සිසිලාග්නි නවකතාව නවතම ආකෘතික හැඩතල භාවිත කර ලියා ඇති නිර්මාණයකි. තරුණ ඝාතනයෙන්, ටයර් සෑයෙන් සහ තුවක්කුවෙන් 1971 අපේ‍්‍රල් කැරැුල්ල මැ`ඩලන දිනවල, හමුදා පොලිස් මරණ තර්ජනයට මුහුණ දුන් විප්ලවවාදී තරුණයෙකුගේ අවසාන දිනය යැයි හැඟී යන පැය දහයක පමණ කාල පරිච්ෙඡ්දයක් තුළට කතුවරයා මුළු කෘතියම සම්පිණ්ඩණය කර ලන්නේ ආකෘතික අපූරුවක් හඳුන්වා දෙමිනි.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පරිවර්තනය කරන ලද මරියො වර්ගාස් යෝසා නම් පේරු ජාතික නවකතාකරුවාගේ සාහිත්‍ය ලිපි විමර්ශන මාලාවේ ආකෘතිය නවකතාවක පදනම් ගත වන අයුරු මෙසේ දැක්වේ. ‘‘ආක්කෘතිය තමයි පර්ථයකට සංගත වෙන්නේ. සංයුක්ත හැඩයක් ගන්න උපකාර වෙන්නේ” (41පිට) ‘‘නවකතාවකට හැඩය සහ වස්තුවක ස්වභාවය දෙන්නෙ ආකෘතියයි” (46පිට) ‘‘ආකෘතිය ප‍්‍රායෝගිකව නම් නොබෙදිය හැකි ඒකකයක්. නමුත් ඒක හැදිලා තියෙන්නේ එක තරමටම වැදගත් අවයව දෙකකින්. ඒ තමයි ශෛලිය සහ අනුක‍්‍රමය. ශෛලියෙන් අදහස් වෙන්නේ වචන, කතාව ලියා තිබෙන විදිය. අනුක‍්‍රමය කියන්නේ කතාවේ අංග සංවිධානය කරල තියෙන විදිය”

මහාචාර්ය ඒ. වී. සුරවීරයන් ‘‘නවකතාව පිළිබඳ සිය සම්මානනීය විමර්ශන කෘතියේදී මෙසේ කියයි.” ලේඛකයාට ඇති ප‍්‍රබලතම ප‍්‍රතිෂ්ඨාව නම් චරිත බව කිවමනාය. නව ප‍්‍රබන්ධයක හැම අංගයකටම වඩා චරිත නිරූපණය ඉස්මතු වන්නේ එහෙයිනි. කොටින්ම කියතොත් චරිත නිරූපණයක් නැති තැන නවකතාවක් නැත”(පිටුව19) එහෙයින්

”සිසිලාග්නි” කෘතිය විමර්ශනය කළ යුත්තේ ආකෘතිය, විශ්වාසනීයත්වය, අනුක‍්‍රමය, ශෛලිය සහ චරිත නිරූපණය නම් මිනුම් දඬු වලින් සන්නද්ධ වීමෙන් අනතුරුවය. පූර්විකාවේදී කේන්ද්‍රීය චරිතය ‘‘ඔහු” නමින් පමණක් හඳුන්වා දෙන නවකතාකරු හුදෙක් උද්දීපනය කරලන්නේ රාජ්‍ය භීෂණය ද, මරණ තර්ජන ද හමුවේ ගැබ් ගත් තරුණ ලියක සහ තරුණ විප්ලවවාදියෙකු පිළිබඳ සිත්තම පමණි. ඒ පූර්විකා කාලය තුළ පිටු 457 ක මුළු කෘතියටම ප‍්‍රවිශ්ඨය ලබාගෙන, කේන්ද්‍රීය චරිතය පාඨක විනිශ්චයට ඉතිරි කරලීම ආනන්ද ගුණතිලක නම් මේ ‘‘නවක” නවකතාකරුවාගේ ‘‘ප‍්‍රවීණ” ආකෘතිමය භාවිතයකි.

අසේල ජයවර්ධන

අරගලයේ විප්ලවවාදී සිත්තම
advertistmentadvertistment
advertistmentadvertistment