අරණායක වෛද්‍යවරියකට අතවර කළැයි සැක දොස්තර යළිත් ඇතුළට

951

අරණායක රජයේ රෝහලේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරියකට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි වෛද්‍යවරයා ඊයේ (12දා) මාවනැල්ල මහෙස්ත්‍රාත් දිසා විනිසුරු අනුරාධ වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 14 වැනි බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කමල් දර්මවංශ නමැති වෛද්‍යවරයාවය. මොහු කෑගල්ල ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍යවරයා වෙත බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.

මාවනැල්ල යූ. ආර්. ජයන්ත සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment