අරලියගහ මැඳුරේ කාමර පොරෙන් 10ක් රෝහලේ : ගෙල කැපී අයකුට බරපතළයි

407

කොල්ලුපිටිය අරගලියගහ මන්දිරය තුළ රැඳී සිටි පුද්ගලයන් දෙපිරිසක් අතර ඊයේ (12දා) අලුයම 1.45 ට පමණ ඇතිවූ ගැටුමකදී කාන්තාවක ඇතුළු 10 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි.

රෝහල් ගතකළ එක් අයකුගේ තත්ත්වය බරපතළ බව ද කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රකාශිකාවක් ‘දිවයින’ ට පැවසුවාය.

ඔහුගේ ගෙල ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල තිබූ බවත් මේ හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයක් සිදුකළ බවත්, තුවාල ලැබූ පුද්ගලයන්ගේ ශරීරවල කැපුම් තුවාල, අස්ථි බිඳීම්, ආදිය දක්නට තිබූ බවත් ඇය සඳහන් කළාය.

අරලියගහ මන්දිරයේ දී ඊයේ කාමරයක් බෙදා ගැනීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇතැයිද, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකෙරෙන බව ද කොල්ලුපිටිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

රෝහල් ගතකළ පිරිසෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයා ඇතුළු තිදෙනකු ඊයේ දහවල් වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර අනෙක් 7 දෙනා රෝහලෙන් පිටවී ගොස් තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර


advertistmentadvertistment