අරලියගහ මැඳුර ඉදිරිපිට විරෝධතා වැළැක්වීමේ ඉල්ලීම ඉවතට

184

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට අනවශ්‍ය ලෙස ජනතාව හෝ විරෝධතාකරුවන් රැස්වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසට කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (25දා) ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ උද්ඝෝෂණයේ නිරත පිරිස් මහජන පීඩාවක් සිදුවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පොලිස් බලතල යටතේ ක්‍රියාත්මකවීමට පොලිසියට හැකියාව තිබෙන බවය.

පොලිසිය අධිකරණයට දැනුම්දී තිබුණේ මෙම උද්ඝෝෂණ ක්‍රියාවලියේ නිරත පිරිස් හේතුවෙන් මහජන පීඩාවක් උද්ගතවී ඇති බවත් පදිකවේදිකාවේ ගමන් ගන්නා පිරිසට ඉන් පීඩාවක් සිදුවී ඇති බවත්ය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment