අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාව අයිඑම්එෆ් ඉලක්ක සපුරා ගැනීම වැදගත්

36

සන්නිවේදන අධ්‍යක්‍ෂිකා ජූලි කොසැක්

ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි.

වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙනවා. ආර්ථික වර්ධනය සුබදායි වෙලා. උද්ධමනය අඩුවෙනවා. සංචිත, ජාත්‍යන්තර සංචිත වර්ධනය වෙනවා. ආදායම් ශක්තිමත් වෙනවා. නමුත් සමහර අවදානම් තවමත් තියෙනවා. ඒ නිසා ප්‍රතිසංස්කරණ තිරසරව පවත්වාගෙන යෑම වැදගත් යැයි ද ඇය පැවසුවාය. එළැඹෙන ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ජනතාව තීරණය කළ යුතු දෙයක්. ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම අර්බුදයකින් ගොඩඒමට IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම ප්‍රමුඛ කරුණක්. රට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදිලා නැහැ. එබැවින් අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීම වැදගත් යැයි ද ඇය කීවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළ අතර එහි දෙවැනි සමාලෝචනය සාර්ථකව නිමකර එම විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය මගින් ඩොලර් බිලියන 336 ක් සඳහා ප්‍රවේශය පසුගිය ජූනි මාසයේදී ලැබුණි. ජූලි කොසැක් තවදුරටත් පැවසුවේ IMF වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තුන්වැනි සමාලෝචනය ගැන සැප්තැම්බර් 21 වැනිදායින් පසුව බිහිවන නව රජය සමග සාකච්ඡා කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment