අර්බුදය කළමනාකරණය කළ නායකයා යළිත් ජනපති කළ යුතුයි – කැස්බෑව එජාප කලාප සංවිධායක රනිල් විල්ලද්දරගේ

37

රටේ ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුතු බව ව්‍යාපාරික හා කැස්බෑව එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව, තුම්බෝවිල සිය මැතිවරණ කාර්යාලය පෙරේදා (09දා) විවෘත කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්ලද්දරගේ මහතා,

“දේශපාලන ගමන් මඟේ අලුත් කඩයිමක් ආරම්භ කරන දවසක්. වසර 15කට ආසන්න කාලයක් ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කර ඒ තුළින් ලද අද්දැකීම් සමග දේශපාලන ගමන් මඟ අදින් ආරම්භ කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අවස්ථාව මා වෙත ලබා දීම ගැන මම අවංකවම සතුටු වෙනවා. දේශපාලන ගමන් මඟේ පළමු අරමුණ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීමයි.

1948 නිදහසින් පසු මේ රටේ දේශපාලඥනයන් දේශපාලනයේ නිරත වුණා. අවසානයේ සිදු වූ දේ අපි දැක්කා. ඒකට අපි සියලු දෙනාම වගකිව යුතුයි. අපි මෙච්චර දවස් දැක්කේ දෙපැත්තට බෙදිලා බැනගෙන කාලය නාස්ති කරපු එක. එතැනින් එහාට ගිය නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. පවතින අර්බුදයෙන් රට බේරා ගැනීමේ වගකීම දේශපාලඥනයන්ට මෙන්ම පුරවැසියන්ටත් තියෙනවා. ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මහජනතාව බේරා ගැනීම සඳහා ව්‍යවසායකයකු වශයෙන් මටත් වගකීමක් තියෙනවා. එතනදි මාගේ ව්‍යාපාරවලින් 51%ක් මහජනතාවට දෙනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඒ මේ රටේ ජනතාව වෙනුවෙන් යම් කැපකිරීමක් සිදු කළ යුතු නිසයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටේ පැවති අර්බුදය මනාව කළමනාකරණය කළා. පසුගිය අවුරුදු දෙක තුළ දේශපාලනඥයකු ලෙස නොවේ නායකයකු හා ව්‍යවසායකයකු ලෙස කටයුතු කරමින් රටේ ඇතිවූ අර්බුදය ජයග්‍රහණය කළ අයුරු අපිට දකින්න පුළුවන්.

අර්බුදය කළමනාකරණය කළ නායකයා යළිත් ජනපති කළ යුතුයි - කැස්බෑව එජාප කලාප සංවිධායක රනිල් විල්ලද්දරගේ

ව්‍යාපාරයක් ගත්තම ඒක ආරම්භ කරන්න ඕනේ. පවත්වාගෙන යන්න ඕනේ. ව්‍යාපාරයක තියෙන බරපතළ අභියෝගය තමා ව්‍යාපාරය බංකොලොත් වුණාම නැවත ප්‍රකෘති තත්ත්වයට ගේන එක. ව්‍යවසායකයකු විදියට බැලුවම ව්‍යවසායක මනසක් තියෙන, දැක්මක් හා පරිණත නායකයකුට පමණයි රට අර්බුදයෙන් ගොඩදාන්න පුළුවන්. එවැනි හැකියාවක් ඇති නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතාව දකින්න පුළුවන්. රටේ ඇතිවූ අර්බුදය කළමනාකරණය කරමින් රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ මහතා තුළ වූ හැකියාව හා නායකත්වය එතුමා තෝරා ගැනීමට හේතු වුණා.

ආර්ථික අර්බුදයක් තිබණු රටක් කළමනාකරණය කරමින් එය වෙනස් කළ නායකයෙක්ට මේ රට භාර දෙනවද? එහෙම නැතිනම් කිසිදු අවබෝධයක් නැති අයකුට රට භාර දෙනවද? කියන එක ජනතාව තීරණය කරන්න ඕනේ. ඒ නායකත්වය වෙනස් කරන්න යෑම ලොකු මෝඩකමක්. ව්‍යවසායකයකු විදියට Gflock කියන සන්නාමය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කරමින් කලින් පොරොන්දූ වූවා සේ ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය කඩිනමින් විසඳීමට කටයුතු කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නව තරුණ ව්‍යවසායකියන් ගොඩනැංවීමටත්, ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ දැක්ම හා වැඩපිළිවෙළ සමග වැඩ කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment