ප‍්‍රශ්නය – අර්ශස් වර්ග කීයක් තිබෙනවාද?
වෛද්‍ය ඒ. ඒ. ජේ. පුෂ්පකුමාර – අර්ශස් ස්වරූප විශාල වශයෙන් තිබෙන අතර වර්ග තිබෙන්නේ හයක් පමණයි. වාතජ අර්ශස්, පිත්තජ අර්ශස්, කපජ අර්ශස්, ත‍්‍රිදෝෂජ අර්ශස්, රක්තජ අර්ශස්, සහජ අර්ශස් ලෙස ඒවා හැඳින්වෙනවා.
ප‍්‍රශ්නය – අද අප ඔබ සමග වාතජ අර්ශස් රෝගය ගැන පුළුල් ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට කලින් කියන්න මොනවද මේ අර්ශස් කියන්නේ?
වෛද්‍ය ඒ. ඒ. ජේ. පුෂ්පකුමාර – වාත, පිත, කප යන ත‍්‍රිදෝෂ කුපිත වීමෙන් චර්මය විෂ සහිත වීම නිසා පේශිය සහ මේද පටක ආසාදනය වීම ගුද මාර්ගයේ මුල මාංශමය ගෙඩි හටගන්නවා. මේවා තමයි අර්ශස් (ගෙඩි.
ප‍්‍රශ්නය – මොනවද මේ වාතජ අර්ශස්? ඒවා හටගන්නේ කොහොමද?
වෛද්‍ය ඒ. ඒ. ජේ. පුෂ්පකුමාර
1. ඉතාම කසට රසයෙන් යුත් ආහාර නිතරම ගැනීම.
2. ඉතාම කටුක, අමිහිරි හා දිව හාරන සුළු ආහාර නිතර භාවිත කිරීම.
3. වියළි ආහාර වැඩි වශයෙන් ගැනීම.
4. අධික සීතලෙන් (cold) යුතු ආහාර ගැනීම.
5. සැහැල්ලූ ආහාර හෙවත් කෙටි ආහාර පමණ ඉක්මවා ගැනීම.
6. අවශ්‍ය ප‍්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම සහ කලින් ගත් ආහාරය දිරවීමට පෙර නැවතත් ආහාර ගැනීම.
7. අල්ප ආහාරය හෙවත් ආහාර ස්වල්පයක් පමණක් ගැනීම.
8. මද්‍යසාර බහුල වශයෙන් ගැනීම.
9.මෛතුන්‍ය හෙවත් පමණ ඉක්මවා ලිංගික කාර්යන්වල නිරත වීම.
10. පමණ ඉක්මවා උපවාස කිරීම.

11. අධික ශීත කාලගුණයන් යටතේ ජීවත්වීම.
12. නිතරම ශීත කාලගුණ සමයක් පවතින ප‍්‍රදේශවල ජීවත්වීම.
13. පමණ ඉක්මවා කායික ව්‍යායාම්වල නිරත වීම.
14. මහත් වූ ශෝක සිත් නිතර උපදවා ගැනීම.
15. කුඩු පොද වලට හෝ මුහුදු වෙරළවල වාතයෙහි පවත්නා ක්ෂුද්‍ර ජල අංශු වලට නිරාවරණය වීම.
16. අධික සූර්ය රශ්මියට නිරාවරණය වීම.
නොමිලේ විස්තර සඳහා
0777620948