අරුණ 05 වැනියා වෙයි

436

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.14ට ආරම්භ වූ මීටර් 400 දෙවැනි අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සිංහපුරගේ තත්පර44.75කින් තරගය අවසන් කර 05 වැනි ස්ථානය හිමි කර ගත්තේය.ඒ අනුව ඔහුට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.ඔහු සහභාගී වූ වටයේ පළමු ස්ථානය දිනා ගත්තේ ග්‍රෙනඩාහි කිරානි ජේම්ස් විසිනි.ඔහු තත්පර 43.78කින් තරගය නිමා කළේය.දෙවන ස්ථානය දිනා ගත් සිම්බාබ්වේ හි මුසලා සමුකොංගා තත්පර 43.81කින් තරගය නිමා කළේය. ඔවුන් දෙදෙනා අවසන් වටයට සුදුසුකම් ලැබූහ.අරුණ සිය අවසන් පූර්ව වටයේදී තරගය නිමා කළේ තත්පර 44.99කිනි.ඒ අනුව ඔහු තත්පර දශම 24ක් වැඩි කරගෙන සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment