අල්කා යාග්නික්ට දුර්ලභ ශ්‍රවණාබාධයක්

250

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය ගායිකා අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධයකින් පෙළෙන බව හඳුනාගෙන ඇත.

ඇය ඒ පිළිබඳව ඉන්ස්ටර්ග්‍රෑම්හි විස්තරාත්මක සටහනක් පළ කරමින් කියා සිටියේ ගුවන් යානයකින් පිටතට ගිය පසු තමාට කිසිවක් ඇසෙන්නේ නැතිව ගිය බවය. “සති කිහිපයකට පෙර, මම ගුවන් යානයකින් පිටතට යන විට, මට කිසිවක් ඇසෙන්නේ නැති බව හදිසියේම දැනුණි” යනුවෙන් ඇය එහි සටහන් කර ඇත. සිය රෝගය සම්බන්ධයෙන් ඇගේ රසිකයින්ට සහ ක්ෂේත්‍රයේ සගයන්ට පණිවිඩයක් ලබා දෙමින් “ඉතා ඝෝෂාකාරී සංගීතයට සහ හෙඩ්ෆෝන්වලට නිරාවරණය වීම සම්බන්ධයෙන් අවවාදයක් එක් කරමි” යනුවෙන් ද 58 හැවිරිදි ඇය පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment