අල්ලස් ගත් භූ විද්‍යා ඉංජිනේරු සහ රියැදුරු අත්අඩංගුවට

1414


වැලි කැණීම් සදහා බළපත්‍රයක් ලබා දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගත් අම්බලන්තොට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ප්‍රධාන කැණීම් ඉංජිනේරු වරයා හා එම ආයතනයේම රියදුරෙකු කොළඹ අල්ලස් හා දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාලයේ සේවයේ නියුතු පෙතියාගොඩල කැලණිය ලිපිනයේ පදිංචි නිකලන්ද වත්ත චමින්ද ප්‍රමුදිත ලංකා නැමති කැණීම් ඉංජිනේරු වරයෙකු සහ එම ආයතනයේම රියදුරෙකු ලෙස සේවය කරන නව නගරය,ඇඹිළිපිටිය ලිපිනයේ පදිංචි මාරසිංහගේ දර්ශන දීපාල් නැමති සැකකරුවන් දෙදෙනාය.
සැකකරුවන් දෙදෙනා අම්බලන්තොට මාමඩල පදිංචි ප්‍රසිද්ධ වැලි ව්‍යාපාරිකයෙකුට නව වැලි කැණීම් බළපත්‍රයක් ලබා දිම සදහා රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.ඒ අනුව අදාල ව්‍යාපාරිකයා විසින් මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ මර්ධන අංශයේ නිළධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.ඒ අනුව අදල ව්‍යාපාරිකයා විසින් අම්බලන්තොට ප්‍රදේශයේදී භූ විද්‍යා කැණීම් නිළධාරියාට හා රියදුරුට රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබදුන් අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා අල්ලස් නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් භූ විද්‍යා කැණීම් නිළධාරියා හා රියදුරු අම්බලන්තොට පොලිසියට රැගෙන ගොස් එහිදී ප්‍රකාශ සටහන් කර ගැනිම හා ප්‍රශ්න කිරිම් සිදුකර ඇත.සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment