අලිමංකඩදී ජීවිතය පුදකළ හසලක ගාමිණි රණවිරුවාගේ පිළිරුවට පුෂ්පෝපහාර

664

අලිමංකඩදී බෝම්බ පුරවාගෙන පැමිණි සතුරු යුද ටැංකියකට පැන රට ජාතිය වෙනුවෙන් ජීවිත කැප කළ හසලක ගාමිණි කුලරත්න රණවිරුවා දැයෙන් සමුගෙන වසර 30 ක් සම්පූර්ණ වීම නිමිති කර ගනිමන් ඔහුගේ පිළිරුව අභියස ඊයේ (14 දා* උදෑසන පැවති පුෂ්පෝපහාර වැඩ සටහන් පවුලේ සාමාජිකයන් හා සමීප හිතවතුන් කිහිප දෙනෙකු විසින් සෞඛ්‍ය නීති රිති අනුගමනය කරමින් සිදු කරන ලදී.

රණ විරුවාගේ මෑණියන් වන වයි. ජී. ජුලියට් මාතාව විසින් හසලක කුලරත්න පිළිරුව අභියසදී පුෂ්පෝපහාරය සිදුකර ගෞරව බහුමානයෙන් යුතුව තම පුතුගේ වීරත්වය සිහිපත් කළේය.

අලිමංකඩදී ජීවිතය පුදකළ හසලක ගාමිණි රණවිරුවාගේ පිළිරුවට පුෂ්පෝපහාර

පුරා වසර තිහක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් සිදු කළ කොටි ත‍්‍රස්තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු ප‍්‍රහාරය සිය ජීවිතය පූජා කරමින් වැළැක්වූ මෙන්ම සහෝදර සෙබළුන් 1500 කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා දුන් හසලක වීර ගාමිණී සෙබළා දැයෙන් සමුගෙන මෙම ජුලි 14 වැනි දිනට වසර 30 සපිරිනි.

මහියංගණ – රංජිත් කරුණාවිර


advertistmentadvertistment