අලි පහරදීමකින් ගැබිනි මව සහ පුතාට බරපතළයි

164

ගල්කුලම යකල්ල මාර්ගයේ ගමන් කළ ත‍්‍රීරෝද රථයකට උට්ටිමඩුව ප‍්‍රදේශයේ දී වන අලි පහරදීමකින් ගැබිනි මවක් සහ එකොළොස් හැවිරිදි ඇයගේ පුතා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි. .

එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා ගමන්ගත් ත‍්‍රීරෝද රථයට මෙලෙස වන අලියෙකු පහරදී ඇත.

යකල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් ඊයේ (07* උදෑසන හයයි තිහට පමණ තම ත‍්‍රීරෝද රථයෙන් අනුරාධපුර බලා එමින් සිටියදී මාර්ගයේ සිටි වන අලියකු විසින් මෙම ත‍්‍රිරෝද රථයට පහර දී තිබේ.

එම පහර දීමෙන් ත‍්‍රී රෝද රථයේ ගමන් කළ ගැබිනි මව සහ එකොළොස් හැවිරිදි ඇගේ පුතා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


advertistmentadvertistment