මේ වර්ෂයේ (2024) මුල සිට ඉකුත් ජූලි 31 දා දක්වා කාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අලුත් බදු ලිපිගොනු තුන් ලක්‍ෂ දාසය දහස් දෙසිය හැටහතරක් (316,264) විවෘත කිරීමට සමත්ව ඇත.
මේ අනුව මේ වසර මුල පැවැති නව ලක්‍ෂ අනූහත් දහස් අටසිය පනස් අටක් වූ බදු ලිපිගොනු සංඛ්‍යාව ඉකුත් ජූලි 31 දා දක්වා මාස හතක කාලයේදී දහතුන් ලක්‍ෂ දාහත දහස් එකසිය විසි දෙකක් දක්වා වර්ධනය වී ඇත.
මේ අනුව ආදායම් බදු ගෙවන්නන් පිරිස අට ලක්‍ෂ හැත්තෑ නව දහස් හත්සිය හැත්තෑ අට (879778) සිට එකොළොස් ලක්‍ෂ අසූ දෙදහස් දෙසිය දහය (1182210) දක්වා ද අනෙකුත් බදු ගෙවන්නන් පිරිස එක් ලක්‍ෂ දහනව දහස් අසූවේ සිට එක් ලක්‍ෂ තිස් එක්දහස් නවසිය දහය (131910) දක්වා ද මේ මාස හතක කාලයේදී වැඩි වී ඇත.
එසේම මේ වනවිට බදු හඳුනාගැනීමේ අංකය (ටින් අංකය) සඳහා පුරවැසියන් හතළිස් පන්ලක්‍ෂ හැත්තෑ හත්දහස් තුන්සිය තුන දෙනකු ලියාපදිංචි වී ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත