ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු
වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය
අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය
තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා
දුන්නේය.
ජනාධිපතිවරයා මහතා මෙම අදහස් පළ කළේ විදෙස් තානාපති සේවය
සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද
පැවති සාකච්ඡාවේදීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදේශ තානාපති සේවය සඳහා තානාපතිවරු
04 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කර ඇත.
රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර විස්සකට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත
නිලධාරීන් පිරිසක් මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස පත් කර තිබේ.
එසේ පත්කර ඇත්තේ
කටාර් රාජ්‍ය යේ තානාපති -ලෙස ආර්.එස්.ඛාන් අසාඩ් මහතා ,රුසියානු තානාපති ලෙස – එස්.කේ. ගුණසේකර මහත්මිය, කුවේට් තානාපති – එල්.පී. රත්නායක මහතා,ඊජිප්තු තානාපති ලෙස- ඒ.එස්.කේ. සෙනෙවිරත්න මහතා සහ නවසීලන්ත මහ කොමසාරිස් ලෙස – ඩබ්ලිව් .ජී.එස්. ප්‍රසන්න මහතා යන අය වෙති.