අවසන් පූර්ව තරග වැස්ස නිසා දවස් පහක් පස්සට යයි

81

අන්තර් සමාජ විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය

අන්තර් සමාජ විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අද (21) ආරම්භ වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අයහපත් කාලගුණය හේතුවෙන් ලබන 26 වැනිදා දක්වා කල්දමා ඇත.

තරගාවලියේ සියලු අවසන් පූර්ව වටයේ තරග අද (21දා) ආරම්භ වීමට නියමිතව තිබූ අතර අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය නිසා මෙම අවසන් පූර්ව තරග දිනයක් කල්දැමීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර ඒ අනුව අවසන් පූර්ව තරග 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර එළඹෙන 29 වැනිදා පැවැත්වීමට තිබූ අවසන් මහා තරගය ජූනි පළමුවැනිදා දක්වා කල්දමා ඇත.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment