අවිශ්කගේ ශතකයෙන් එස්.එස්.සී. පදම් වෙයි

713

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනයේ දී ශතකයක් වාර්තා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජයේ අවිශ්ක ප්‍රනාන්දු ඊයේ (08) සමත් වූයේය.

අවිශ්කගේ එම ශතකයේ සවිය සහ ඔහුගේ සහයක ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් ගේ අර්ධ ශතකය සමග පළමු දිනය නිමාවන එස්එස්සී ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 250 ක් රැස්කරගෙන සිටියේය.

අවිශ්ක සහ ඩැනියල් අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 111ක් විය.

පොලිස් ක්‍රීඩා සමාජය සමග කොළඹ එන්සීසී පිටියේදී දී ඊයේ (08 වැනිදා ) ආරම්භ වූ එම සිව් දින තරගයේ එස් එස් සී කණ්ඩායමේ නායකයා වන නිපුන් ධනංජය ලකුණු 40 ක් ලබා ගත් අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 29 ක් රැස්කරගෙන තිබුණි.

එස්.එස්.සී. කණ්ඩායම මෙම ලකුණු ප්‍රමාණය රැස්කර ගැනීම සඳහා පන්දු පන්දුවාර හැට තුනකට මුහුණ දී තිබුණි.

මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට එස්එස්සී පිල සමත් වූ අතර අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට අවසන් සටනට පිවිසීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment