අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා ඒමට විශේෂ බස් රථ සහ දුම්රිය අද (17දා), හෙට (18දා), අනිද්දා (19දා) ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීහු ‘දිවයින’ට පැවසූහ.
මෙම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර 12ක් යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.
එම දුම්රියන් බෙලිඅත්ත, කන්කසන්තුරේ, බදුල්ල, ගාල්ල යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කෙරේ.
මීට අමතරව දළදා ප්‍රදර්ශනය සඳහා මහනුවර දක්වා විශේෂ දුම්රිය අද සිට 28 වැනිදා දක්වා ක්‍රියාත්මක බවද හෙතෙම කියා සිටියේය. ගම්බිම් බලා ගිය මගී ජනතාවට කොළඹ බලා ඒම සඳහා අතිරේක ලංගම බස් රථ 300ක් අද සිට 20 වැනිදා දක්වා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
ගම්බිම් බලා ගිය මගී ජනතාවට කොළඹ බලා පැමිණීමට පෞද්ගලික බස් රථ ඒ ඒ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සමග එක්ව විශේෂ බස් රථ යොදවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්