අවුරුද්දට ගමේ යන්න 8දා සිට  විශේෂ බස් රථ 3200ක්

48

වැඩිපුර ගාස්තු අය කළොත් 1955 ට කියන්න ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්

සිංහල හා හින්දු අලූත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් අපේ‍්‍රල් 08 වැනිදා සිට 15 වැනිදා දක්වා විශේෂ බස් රථ 3200ක් පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ නැවතුම්පළෙන් ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැුන්ඩා මහතා ‘‘දිවයින’’ට පැවසීය.

මීට අමතරව මගී අවශ්‍යතාව අනුව තවත් බස් රථ 500ක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන සේවා අධිකාරිය හරහා යොදවන බවද හෙතෙම කියා සිටියේය.

එසේම, කටුනායක, බියගම නිදහස් වෙළෙඳ කලාපවල සිටින සේවක සේවිකාවන්ට ගම්බිම් බලා යෑමටද මෙම බස්රථ වලින් කොටසක් එම නිදහස් වෙළෙඳ කලාප කරා පිටත්කර යැවීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ගම්බිම් බලා ගිය මගී ජනතාව නැවත කොළඹට රැුගෙන ඒමට අවුරුදු විශේෂ බස් රථ සේවාව 15 වැනිදා සිට 19 වැනිදා දක්වා ක‍්‍රියාත්මක බවද මෙම කාලය තුළ පැය 24 පුරාම ක‍්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් බස් රථ සඳහා ස්ථාපිත කරන බවද ඒ මහතා කියා සිටියේය.

මෙම කාලය තුළ බස් රථය බස් ගාස්තු ප‍්‍රදර්ශනය කළ යුතු බවත්, ගමන් ගාස්තු වැඩියෙන් අයකරන්නේ නම් ඒ ගැන 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා යෑමට පැමිණෙන මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා පොලිසිය, නාවික හමුදාව හා පොලිසිය යෙදවීමට පියවර ගැනේ. එසේම බස් පරියන්ත පරිශ‍්‍රයේ ආහාර අලෙවි කරන වෙළෙඳසල් පරීක්‍ෂා කිරීමට මහජන පරීක්‍ෂකවරුන්ගේ සහයෝගය ලබා ගන්නා බවත් ආචාර්ය තිලාන් මිරැුන්ඩා මහතා සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment