අවුරුදු දෙකකදී 99ක් අස්වුණා – මහ බැංකු පාලක මණ්ඩලය

136

පසුගිය කාලයේ පළපුරුදු මහ බැංකු සේවකයන් මහ බැංකු සේවයෙන් ඉවත්ව යෑම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

මේ අනුව 2022 – 2023 වසරවල 99 දෙනෙකු මහ බැංකු සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.

එය එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අභියෝගයක් වූ බව ද මේ නිසා තවදුරටත් එවන් නිලධාරීන් සේවයෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණෙන් තරගකාරී වෙළෙඳපොළ තත්ත්වයන් හා සියයට සියයක් ගැලපිය නොහැකි වුව ද සාධාරණ මට්ටමේ වැටුප් ඉහළ නැංවීමක් සිදුකළ යුතු බව මහ බැංකු පාලක මණ්ඩලය ඇතුළු කළමනාකාරීත්වයේ අදහස බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීමට අදාළ මෙකී කරුණු කාරණා ලබන සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාර්ලිමේන්තු කාරක සභාවකට පැහැදිලි කිරීමට නියමිතව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment