මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩා සංකීර්ණ භූමියේදී පැවති මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අවුරුදු 20 න් පහළ බාලක හොකී තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමෙන් කැපී පෙනෙන්නට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත් විය.
මෙවර රිදී පදක්කම මහනුවර කිංග්ස්වුඩ් විදුහල තහවුරු කර ගත්තේය. එකී ලෝකඩ පදක්කම මහනුවර විද්‍යාර්ථ විදුහලට සතු විය.
පසුගිය වර රන් පදක්කම් ලාභී කිංග්ස්වුඩ් විදුහල සහ ඉකුත් වර රිදී පදක්කම් ලාභී ශාන්ත තෝමස් විදුහල අතර පැවති තීරණාත්මක අවසාන තරගයේ දී ගෝල් 01 – 00 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව මෙවර රන් පදක්කම ශාන්ත තෝමස් විදුහල සතු විය.
අවසන් පූර්ව වටයේ දී ශාන්ත තෝමස් විදුහල හමුවේ මාතලේ විජය විදුහල ද කිංග්ස්වුඩ් විදුහල හමුවේ විද්‍යාර්ථ විදුහල ද පරාජය ලැබීය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර