අවුරුදු 70කට පෙර රාජාභිෂේකය මෙසේ සිදුවිය

295

මෙයට හැත්තෑ අවුරුද්දකට පෙර සිය පියා වූ 6 වැනි ජෝර්ජ් රජතුමා අභාවයට පත්වීමෙන් පසු ඔහුගේ දියණිය වූ එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මාරි වින්සඩ්ර් කුමරිය දෙවැනි එළිසබෙත් රැජන ලෙස ඔටුනු පැළඳවුවා ය. 1952 ජුනි මාසයේදී පැවැති එම උළෙල වෙනුවෙන් රීඩර්ස් ඩයිජස්ට් සඟරාව මීට 70 අවුරුද්දකට පෙර පළ කළ විශේෂ ලිපිය අද සිංහලෙන් පරිවර්තනය කොට පාඨකයාට ඉදිරිපත් කරමු. මේ ලිපිය රෙනෙ ලෙක්ලර් විසින් ලියන ලද්දකි.

අවුරුදු 70කට පෙර රාජාභිෂේකය මෙසේ සිදුවිය

හය වැනි ජෝර්ජ් රජතුමා ඉකුත් පෙබරවාරි මාසයේදී (1952) අභාවයට පත් විය. ඉන් පසු කාසි තැනීම සඳහා රජය මගින් පිහිටුවා ඇති රාජකීය ආයතනයේ :ඵසබඑ* සේවක පිරිස අලුත් කාසි සහ පදක්කම් සැලසුම් කරන්නට පටන් ගත්හ. ඒ අතර රාජකීය නිලධාරීන් සිය අගනා සළුපිළි සහ ලෝගු ගසා බසා දමා ළඟ එන මහා උත්සවයකට සූදානම් වූහ. කඩු තනන්නෝ තමන් වෙත ගෙනෙනු ලැබූ පැරැණි කඩු තල ඔප දැමූහ. ලන්ඩනයේ සුප්‍රකට ඇඳුම් ආයතනයක් සිය අල්මාරි විවෘත කර රතු පැහැති වෙල්වට් රෙද්දෙන් නිමකර සුදු පැහැති තිත් වැටුණු ලෝම සහිත සත්ත්ව සම් වාටියක් අල්ලන ලද දිගු කබා ගණන් කරන්නට පටන් ගත්තේය. අවසාන වතාවට මේවා පාවිච්චි කරන ලද්දේ 1937 දී 6 වැනි ජෝර්ජ් මහ රජතුමාගේ රාජාභිෂේකය පැවැති අවස්ථාවේදීය. තව මාස කිහිපයකින් එනම් ජුනි මාසයේදී රාජකීයයෝ මේ ඇඳුම් පැළඳුම් නැවත තාවකාලිකව ලබා ගන්නවා ඇත. රාජකීයයන්ට අයත් භාණ්ඩ පිළිබඳ දෙපාර්තමේන්තුව භාර චෙම්බලේන් සාමිවරයාගේ නිලධාරීහු “රාජාභිෂේකය’ යන වචනය නිතර මුමුණනු අසන්නට ලැබිණ. බි්‍රතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුව රජතුමා ස්වර්ගස්ථ වූ අවස්ථාව ප්‍රකාශයට පත් කරන්නේ “රජතුමා අභාවප්‍රාප්ත විය. එතුමා දිගුකල් දිනේවා’ යන වගන්තියයි. මෙය ප්‍රායෝගික නැති බව සැබැවි. අලුත් මහ රැජිනය වන එළිසබෙත් රැජනට ඔටුනු පළඳවනු ලබන්නේ 1953 ජුනි මාසයේ 2 වැනිදා ය. මේ රාජාභිෂේකය සඳහා රජයේ සහ පුද්ගලික මුදල් වලින් ඇමරිකානු ඩොලර් 300,000,000 හා සමාන මුදලක් පවුම්වලින් වියදම් කරනු ලැබේ.

 රාජාභිෂේකයක් කරන්නේ කෙසේද? එළිසබෙත් වැනි අවුරුදු 23ක් තරම් ළාබාල වයසක සිටින තරුණියකගේ හිස මත ඔටුන්නක් තබන්නේ කෙසේද? වෙස්මිනිස්ටර් පල්ලියේ පැය දෙකහමාරක දේව මෙහෙයක් පවත්වමින් ඔටුනු පැළඳවීම සිදු කරන්නේ කෙසේද? එංගලන්තය සතු විචිත්‍රම උත්සවය විය හැක්කේ ඔටුනු පැළඳවීමේ මහෝත්සවයයි. රනින් කළ ඔටුනු සහ රාජාභරණ තොගයක් ද රනින් කළ සැරයටි සහ මිල කළ නොහැකි අගනා සළුපිළි ද අර්ල්වරුන්, සිටුවරුන්, වංශාධිපතීන්, ආර්ච් බිෂප්වරුන්, බිෂප්වරුන්, ඉහළ නිලධාරීන් 1200 ද රන්කම් කළ අශ්ව කරත්ත සහ තූර්යවාදක කණ්ඩායම් ද සහභාගි වන මෙම මහෝත්සවය වචනයෙන් විස්තර කළ නොහේ. නූතන ලෝකයට මේ උත්සවය ඉතා සුවිශේෂ වන්නේ අන්කිසිදු රටක රැජනක් රාජාභිෂේක කරනු මෙතෙක් සිදුවී නැති බැවිනි.

 මේ උත්සවයේ වේදිකා කළමනාකරු ලෙස කටයුතු කරන්නේ නොෆක් කෝරළයේ 16 වැනි ඩියුක්වරයා වන බර්නාඩ් මාමඩියුක් ෆිට්සලන් හොවාඩ්ය. වසරක කාලයක සිට බි්‍රතාන්‍යයයේ සියලු රාජකීය උත්සව සම්බන්ධීකරණය කරන්නේ ඔහුය. එපමණක් නොව රාජකීය විලාසිතා, උත්සවයකදී හැසිරෙන ආකාරය පමණක් නොව පුවත්පත් රේඩියෝ ටෙලිවිෂන් යනාදියෙහි ප්‍රචාරය විය යුත්තේ කුමක්ද යන්න තීරණය කරන්නේ ද ඔහුය. ඔහු හඳුන්වනු ලබන්නේ එංගලන්තයේ අර්ල් මාෂල්වරයා ලෙස ය.

 එමතුදු නොව, මේ ඩියුක්වරයා බි්‍රතාන්‍යයයේ රාජ්‍ය උත්සවවල සන්නාහ සහ අවි ආයුධ පිළිබඳ ප්‍රධානියා ද වෙයි. ඔව්හු දැනටමත් දෙවැනි එළිසබෙත් රැජන වෙනුවෙන් නව ලාංඡනයක් සකස් කොට තිබේ. ,ෑ-ෂෂ-ඍ, නමැති එම ලාංඡනය රාජකීය සේවකයන් සියලු දෙනාගේ ම ඇඳුම්වලත් රජමාලිගයේ පාවිච්චි කරන සියලු ගෘහ උපකරණවලත් මුද්‍රණය කිරීම කළ යුතුය. රාජාභිෂේක උත්සවයට 7600දෙනකුට ආරාධනා කරනු ලැබේ. එම පිරිස වෙස්මිනිස්ටර් පල්ලියට රොක්වනවා ඇත. අභිනව රැජන, පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගේ බිරින්දෑවරු, ආර්යාවෝ, විiාඥයෝ, ව්‍යාපාරිකයන් අතලොස්සක්, සන්නද්ධ හමුදාවල ප්‍රධානීන්, පොදු රාජ්‍ය මණ්ඩලයේ නිලධාරීන්, විදේශීය නියෝජිතයන් යනාදීහු මේ පිරිස අතර සිටිනවා ඇත. තෝරාගත් ආරාධිතයන්ගේ නාම ලේඛනය පිළියෙල කිරීමෙන් පසු සියලු සාමාන්‍ය ආරාධිතයන්ට ආරාධනාපත් යැවීම සිදු කරන්නේ අර්ල් මාෂල්වරයා ය. එහෙත් සිටුවරුන්ට සහ වංශාධිපතීන්ට රැජන විසින්ම ආරාධනා පත් යවනු ලැබේ. මෙවන් වංශාධිපතීන් සහ සිටුවරුන් රජ පවුලේ ඥාතීහු වෙති. ආරාධනා පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය. “ගරු කටයුතු ආදරණීය ඥාති සහෝදරයාණන් වෙතය, අපි ඔබට සුබ පතමු. අපගේ ඔටුනු පැළඳවීමේ මහෝත්සවය සඳහා 1953 ජුනි මස 2 වැනි දිනය තෝරාගෙන තිබේ. ඒ සඳහා ඔබගේ පෞද්ගලික සහභාගිත්වය පහත සඳහන් කර ඇති වේලාවට අපේක්‍ෂා කරමු….”

 ආරාධිතයා වෙස්මිනිස්ටර් පල්ලියට පැමිණිය යුත්තේ උදේ 8.30ට පෙරය. ඔහු තද රතු පැහැති වෙල්වට් රෙද්දෙන් කළ සත්ත්ව ලොම් සහිත දිගු කබායකින් හෙවත් ලෝගුවකින් සැරසී සිටිය යුතුය. ඒ අතර තද රතු පැහැති වෙල්වට් රෙද්දෙන් කළ රිදී පදක්කමකින් යුතු කැප් තොප්පියක් පැළඳිය යුතුය. එහි රන්වන් ටසල් එකක් තිබිය යුතුය. ලන්ඩනයේ බැරෝක් සමාගම තම විචිත්‍ර නිල කබා සහ පළඳනා මෙවර රාජාභිෂේක උළෙලේදී ද වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ඇත.

 ඔවුන් විසින් ඉදිරිපත් කරන දිගු කබාවල මිල ගණන් දෙවන ලෝක යුද සමයේ තිබූ මිල ගණන් මෙන් දස ගුණයකි. බැරන්වරයකුගේ දිගු කබාය ඩොලර් 225 සිට ඩොලර් 1200 දක්වා ද ඩියුක්වරයකුගේ දිගු කබාය ඩොලර් 300 සිට 1400 දක්වා වෙයි. රිදීයෙන් කළ කුඩා ඔටුනු පදක්කමක් යුද්ධයට පෙර ඩොලර් 30 වූ නමුදු දැන් මිල ඩොලර් 100 කි. රැජනගේ ලාංඡනය සහිත කඩුවක් ඩොලර් 40කි. බැරෝක් සමාගම 1937 දී ජෝර්ජ් රජු රාජාභිෂේක කරනවිට දිගු කබා 45ක් වික්කේය. මෙවර එසේ විකුණන ගණන 20ක් පමණ වෙතැයි උපකල්පනය කර ඇත. ලන්ඩනයේ සීමාසහිත මොස් සහෝදර සමාගම රාජාභිෂේක උත්සව 3කට ඇඳුම් පැළඳුම් සැපයූ ආයතනයකි. ඔවුහු බොහෝවිට මේ ඇඳුම් උත්සව අවස්ථා සඳහා කුලියට දුන්හ. ඇඳුම් පැළඳුම්වල ද අනුපිළිවෙළක් තිබේ. උදාහරණයක් වශයෙන් වයිකවුන්ට්වරියකට පැළඳිය හැක්කේ යාරයකුත් කාලක් දිග වේලයක් පමණි. බැරන්වරියකට යාරයක් දිග වේලයක් පැළඳීමට නීතියෙන් ඉඩ තිබේ. මහ රැජිනගේ වේලය උත්සවයට පෙර කිසිදු කෙනකුට ප්‍රසිද්ධියේ පෙන්වනු නොලැබේ. එය යාර අටක් දිගය. එහි අග ලෝම සහිත ලෙහෙනුන් වර්ගයකට අයත් සතුන්ගේ සම්  500 කින් විචිත්‍රවත් කොට තිබේ.

 රාජාභිෂේක සතිය රහස් පරීක්‍ෂකවරුන්ට සහ රක්ෂණ නියෝජිතයන්ට වැඩ අධික වන සතියකි. කුඩා ඔටුනු සහ ශීර්ෂ පළඳනා ද මාල සහ වෙනත් ආභරණ ද රනින් කොට මැණික් ගල් අල්ලන ලදුව එංගලන්තය පුරා ස්වර්ණාභරණ සාප්පුවල දැඩි ආරක්‍ෂාව යටතේ විකිණීමට තබා තිබේ. එහෙත් මහ රැජනගේ ඔටුන්නේ ඇති මැණික පරදවා යෑමට කිසිදු ඔටුනු සාදන්නකුට හැකිව නැත.

 මහ රැජනගේ මැණික් සාමාන්‍යයෙන් තබා ඇත්තේ ලන්ඩන් කුලුන ලෙස හැඳින්වෙන ගොඩනැඟිල්ලේ වෙඩි නොවදින වීදුරු කූඩුවලය. රාජාභිෂේක සමයේ මේවා පාවිච්චියට ගැනීම හෝ ප්‍රදර්ශනය කිරීම සිදුවේ. උත්සව වෙනුවෙන් ඒවා සූදානම් කිරීම තුන් මාසයක් ගත වන වැඩකි. සෑම මැණික් ගලක්ම ඒවා ඔබ්බවා ඇති ආභරණවලින් ගලවා ඔප දමා පිරිසිදු කොට නැවත ආභරණවලට ඇල්ලීම සිදු කෙරේ. මෙබඳු ස්වර්ණාභරණ රාජාභරණ එකතුවට අයත්ය. රාජාභිෂේක ඔටුන්න හෙවත් සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න රාජාභිෂේක උළෙලේදී
 රැජනගේ හිස මත මොහොතකට තබා ආපසු ගනු ලැබේ. එය සිදු කරන්නේ කැන්ටබරියේ ආච් බිෂොප්වරයා විසිනි. එය මොහොතකට පමණක් හිස පළඳින්නේ බෙහෙවින් බර නිසාය. එය තනිකරම රත්තරන්ය.

 මෙවර රාජාභිෂේකයේදී එළිසබෙත් විසින් පළඳිනු ඇත්තේ වික්ටෝරියා රැජනගේ රාජාභිෂේකයේදී පළඳින ලද ඔටුන්නය. සුදු පැහැති රනින් සාදන ලද මෙය විල්ලු ද වලින් හැඩගන්වා ලෝම සහිත සත්ත්ව සමෙන් කළ ශීර්ෂ පළඳනාවකට යාකොට ඇත. මේ ඔටුන්නට දියමන්ති 2783ක්, මුතු ඇට 373ක්, ඉන්ද්‍රනීල 18ක්, රතු කැට 05ක් සහ මරකත මාණික්‍ය 11ක් ද ඔබ්බවා ඇත. මේවා අතර ඇති සුප්‍රසිද්ධ රතු කැටය පමණක් අඟල් දෙකක් දිග අතර ඇමරිකන් ඩොලර්වලින් 340,000 වටින්නේය. (1953 වටිනාකම) විශේෂ අමුත්තන් සඳහා වේදිකාවක් සාදන අතර එහි සංගීත කණ්ඩායම වෙනුවෙන් ද පිටරටවලින් එන රාජකීයයන් උදෙසා ද ඉඩ වෙන් කොට තිබේ. ඊට අමතරව බිෂප්වරුන්ට සහ ආච් බිෂප්තුමාට අසුන් පනවා ඇත. තානාපතිවරුන් කැබිනට් ඇමැතිවරුන් මහජන මන්ත්‍රීවරුන්ගේ කථානායකවරයාට සහ වෙනත් උසස් අමුත්තන්ට ද මෙහි හිඳගත හැක. වංශාධිපතිවරුන්ට අඟල් 19ක ඉඩ ප්‍රමාණයක් ද සාමාන්‍ය අමුත්තන්ට අඟල් 18ක ඉඩ ප්‍රමාණයක් ද බැගින් ආසන ඉඩ වෙන් කොට ඇත. වෙස්මිනිස්ටර් දේවස්ථානය සකස් කිරීම අර්ල් මාෂල්වරයාට අයත් රාජකාරියක් වන අතර බි්‍රතාන්‍යය වැඩ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය එම කටයුතුවල යෙදෙනු ඇත. දේවස්ථානය අලුත්වැඩියා කොට සුණු පිරියම් කිරීමට ඇමරිකන් ඩොලර්වලින් දසලක්‍ෂයක් පමණ වැයවනවා ඇත. ජෝර්ජ් රජු රාජාභිෂේක කරන ලද අවස්ථාවේදී වෙස්මිනිස්ටර් දේවස්ථානයට ගෙනෙන ලද පුටු 6000ක් ද සැතපුම් ගණන් දිග මල් වැල් ද පසුව සිහිවටන වශයෙන් විකුණා විශාල මුදලක් උපයා ගැනීමට රජයට හැකි විය.

 1937 දී ජෝර්ජ් රජතුමාගේ රාජාභිෂේකය සිදුකරන ලද අවස්ථාවේදී මධ්‍යම ලන්ඩනයේ සිට සැතපුම් 27ක් ඈතට පාර දෙපස ධජ පතාක සහ තොරණ ඉදිකිරීම පිණිස ආණ්ඩුව ඇමරිකන් ඩොලර් 2,800,000ක් වැය කළේය. මෙවර ලන්ඩනයේ වීදි දෙකක් ප්ලාස්ටික්වලින් කළ ආරුක්කුවලින් සැරසීමට තීරණය කොට තිබේ. මේ හැම ආරුක්කුවක්ම අඩි 30ක් උස්වන අතර ඒ හැම එකකම ඔටුන්න බැගින් සවිකොට ඇත. කොඩි තනන්නන්ට වැඩ වැඩිවී ඇති අතර එබඳු එක් පුද්ගලයෙක් කොඩි 750,000ක් තැනීම සඳහා තම කාර්ය මණ්ඩලය දෙගුණයකින් වැඩිකර ගත්තේය. එළිසබෙත් රැජනගේ රාජාභිෂේකයට රටේ විවිධ පළාත්වලින් මෙන්ම පිටරටින් ද 750,000 ජනකායක් සහභාගිවීමට නියමිතය.

 නගරයේ තිබෙන හෝටල්වලට අමතරව ගෙවල් 5000ක අමුත්තන් සඳහා පහසුකම් සලසා තිබේ. උත්සවයට සහභාගි වන ජනයා සිහිවටන දසලක්‍ෂ 12ක් පමණ මිලට ගන්නවා ඇත. රාජකීය ලාංඡනය අඩංගු සිහිවටන ඕනෑම වර්ගයක් නිෂ්පාදනය කිරීමට රැජන අවසරදී ඇතැයි අර්ල් මාෂල්වරයා ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

 මේ එන්නේ ශත වර්ෂ ගණනකට වතාවක් එන මහෝත්සවයකි. මෙහිදී බි්‍රතාන්‍ය ජාතිකයෝ සිය අතීතයෙන් උකහා ගත් ශක්තිය සහ භක්තිය අනාගතයට මුහුණදීම සඳහා යළි සකස්කර ගන්නවා ඇත.

● සිංහල හැඩගැස්ම – අනුර සොලමන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment