වෛද්‍ය යුවළක් ඇතුළු කොවිඞ් ආසාදිතව නිරෝධායනයට ලක්කර සිටි පවුල් දෙකක නිවෙස්වලට රාත‍්‍රියේ හොර රහසේ පැන කෙසෙල් කැන් 9 ක් සහ පොල්ගෙඩි 50 ක් සොරකම් කළ බවට දුරකථන මගින් ලද පැමිණිල්ලක් අනුව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොතුපිටිය මහ විදුහල ඉදිරිපිට පදිංචි වෛද්‍යවරියකගේ
පියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වෛද්‍ය යුවළ පදිංචි නිවසේ කෙසෙල් කැන් නවයක් සොරකම් කර ඇති බවත්, දින කිහිපයකට ප‍්‍රථම කොවිඞ් ආසාදිතව මියගිය ගුරුවරියකගේ නිවසකින් පොල්ගෙඩි පනහක් සොරකම් කර ඇති බවත් සඳහන් වේ.
මියගොස් ඇති ගුරුවරියගේ පියාද මියගොස් ඇති අතර සොහොයුරා කොවිඞ් ආසාදිතව රෝහල් ගතකර ඇති බවත් වයෝවෘද්ධ මව පමණක් නිවසේ සිට ඇති බවත් සඳහන් වේ.
වාද්දුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ සිදුකරයි.
ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
|