මව සහ පියා වෙනත් විවාහයන් සිදු කර ගැනීම හේතුවෙන් අසරණව සිටි අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියකට බරපතළ අපයෝජනයක් සිදු කළ දැරියගේ, සුළු මවගේ බාල සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව නොච්චියාගම පොලිසිය පවසයි.
දැරියගේ පියා මීට වසර අටකට පෙර දැරිය කුඩා කල වෙනත් විවාහයක් සිදු කරගෙන නොච්චියාගම පදිංචියට ගොස් සිටියදී දැරිය ඇගේ නංගී සහ මල්ලී සමගින් මවගේ භාරයේ සිට ඇති අතර මීට මාස දෙකකට පමණ පෙර මවද අනියම් සබඳතාවක් ඇති කර ගැනීමේ හේතුවෙන් යළි පියාගේ නිවසට ගොස් සිටිය දී මෙම අපයෝජනය සිදුව ඇති බව පොලිසිය කියයි. එම ක්‍රියාව දැරියගේ මල්ලි දැක තිබූ අතර ඒ සම්බන්ධයෙන් සුළු මවට පැවසීමෙන් අනතුරුව පැමිණිල්ලක් සිදු කර ඇතැයිද පොලිසිය කියයි. පියා, සුළු මව සහ තම බාල සහෝදරයා සහ සහෝදරිය සමගින් එම නිවසේ සිටියදී දිනක්, සුළු මවගේ බාල සොහොයුරා (මාමා) නිදා සිටි කාමරයට පැමිණ තමාට අපයෝජනයක් සිදු කළ බව දැරිය සිදු කළ ප්‍රකාශවල සටහන් වේ. මෙම අපයෝජනය සිදු කර පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය කියයි.
මිහින්තලේ – රංග චතූ