ඉන්දීය විදේශ ඇමැති ජනපති අනුර හමුවෙයි
ශ්‍රී ලංකාවට ඊයේ (04දා) පැමිණි ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඉන්දීය ජනාධිපතිනියගේ සහ අගමැතිවරයාගේ උණුසුම් සුබපැතුම් පිරිනමා ඇත.
දෙරට අතර පවතින සහයෝගීතාව තව තවත් වර්ධනය කර ගැනීමට සහ දෙරටේ ජනතාවගේ යහපත උදෙසා මෙන්ම කලාපීය සහයෝගීතාව සඳහා ඉන්දීය – ශ්‍රී ලංකා බැඳීම යොදාගත හැකි අයුරු මෙහිදී සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ ඇමැතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉන්දීය විදේශ ඇමැති හිටපු ජනපති රනිල් හමුවී….
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාව සිය ධුර කාලය තුළ ඉන්දියාව සමග පැවැත්වූ සබඳතාව නව රජය එලෙසම පවත්වා ගෙන යනු ඇති බව වික්‍රමසිංහ මහතා එහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ.
ඉන්දීය විදේශ ඇමැති සජිත් හමුවී…
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ හමුවූ අවස්ථා.