අස්වැසුමට පස්ස හරවන නිලධාරීන්ට වෙට්ටුවක්

118

අස්වැසුම වැඩපිළිවෙළ මන්දගාමී කරන දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට වන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඔවුන්ට දැඩිව දැනුම් දී ඇත.

පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කොට ජනතාවට සහන දීමේ රජයේ අපේක්ෂාව කිසියම් පිරිසක් විසින් ප්‍රමාද කරන බවට පෙනෙන්නට තිබෙන බැවින් ජනාධිපති ලේකම්වරයා මෙලෙස නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඉකුත් දා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී සමන් ඒකනායක මහතා මේ බව දැනුම් දී ඇත. අස්වැසුම නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කිරීම සේම අලුතින් අස්වැසුම යටතේ ලියාපදිංචි කිරීම ගැන සමාලෝචනයක් මෙහි දී සිදුකර තිබේ.

එහිදී එක් දිස්ත්‍රික් ලේකම්වරයකු ලබාදී තිබෙන ඉලක්කය 100% ක් සපුරද්දී තවත් අයකු එය 20% ක ප්‍රතිශතයකින් නිම කර තිබීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. නැවත මෙවැනි දේ විය නොහැකි බවට ද ඔහු අවවාද කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment