එජාප කඩුවෙල ආසන සංවිධායක බිනර ජයවර්ධන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අස්වැසුම සහ උරුමය වැඩසටහන් වගේම රාජ්‍ය සේවකයන් ඇතුළු මධ්‍යම පාංතිකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳව ප්රශංසාත්මකව මත පළ කර තිබෙනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල ආසන සංවිධායක බිනර ජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (17 වැනිදා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිනර ජයවර්ධන මහතා,
“ආසියානු සංවර්ධන බැංකුව සමග පැවති සාකච්ඡාවලදී ඔවුන් පුරෝකථනය කර තිබෙන්නේ 2024 වර්ෂයේදී 1.9ක ආර්ථික වර්ධනයකුත්, 2025 වසරේදී 1.5ක ආර්ථික වර්ධනයකුත් ශ්‍රී ලංකාව අත්පත් කරගනු ඇති බවයි.
විශේෂයෙන්ම ඔවුන් එහිදී අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීම සහ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි.
ඒ වගේම ඔවුන් අස්වැසුම සහ උරුමය වැඩසටහන් වගේම රාජ්‍ය සේවකයන් ඇතුළු මධ්‍යම පාංතිකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳව ප්රශංසාත්මකව මත පළ කරලා තිබෙනවා. විශේෂයෙන්ම ස්ප්‍රින් සමුළුව තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව විශේෂ ප්‍රශංසාවක් ශ්‍රී ලංකාවට සිදුකොට තිබෙනවා.
ඒ වගේම විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකාවට එවීම වෙනුවෙන් විදුලි මෝටර් රථ ලබාදීම සිදු වෙනවා. මහා මාර්ගයේ බොහෝ වෙලාවට විදුලි වාහන අපිට දකින්නට ලැබෙන්නේ ඒ නිසයි කියන එක ජනතාවට පැහැදිලි කර දිය යුතුයි. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් සංචාරක වීසා, මාස හයක් දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාව විවර කරදී තිබෙනවා. විශේෂයෙන්ම අපි බැලුවොත් අපගේ අපනයන ආර්ථිකය ප්‍රසාරණය වෙලා තිබෙනවා. පසුගිය කාලපරිච්ඡේදය තුළ ඒ තුළින් ලැබූ ඉපැයීම්වල වර්ධනයක් පෙන්නුම් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ කඹුරුපිටිය ආසන සංවිධායක ජනිත් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්,
ශ්‍රී ලංකාවේ රුපියල පසුගිය කාර්තුව තුළ කාර්ය සාධක මට්ටමෙන් ඉහළම මුදල් ඒකකය බවට පත්වීමට හේතු සාධක බොහොමයක් ඉවහල් වී තිබෙනවා. විශේෂයෙන්ම උද්ධමනය තනි අගයට ගෙන ඒම, බැංකු පොලී අනුපාතය ඉතා හොඳ මට්ටමක පවත්වාගෙන යෑම සහ ජනතාවගේ සුබ සාධන ක්‍රියාකාරකම් මනාව සංවිධානය කරමින් විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා ගනිමින් ගෙන ගිය ක්‍රියාමාර්ග මෙහිදී ඉවහල් වන බව කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වන ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කර සිටිනවා.
විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදය තුළ රුපියල ශක්තිමත් වීම සහ බැංකු පොලී අනුපාතය පහළ යෑම නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ශක්තිය ඉහළ ගොස් තිබෙනවා.
චමින්ද සිල්වා