අස්වැසුම හිඟ මුදල් අද බැංකු ගිණුම්වලට

1862

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී පවුල් සඳහා මෙතෙක් ගෙවීමට නොහැකි වූ හිඟ මුදල් අදාළ ප්‍රතිලාභීන්ට අද (27දා) සිට ඔවුන්ගේ අසුවැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 212,423 දෙනා සඳහා මෙතෙක් ගෙවීමට ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් එකසිය තිස්එක් කෝටි හතළිස් ලක්ෂ හත්දහස් හත්සිය පනහක මුදල අද (27දා) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පියවර ගෙන ඇති බවද විජේරත්න මහතා තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment