අසිතට වීසා එයි-කුසල්ට හෙට

353


විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අද (15) වීසා ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී.

කුසල් මෙන්ඩිස්ගේ වීසා පිළිබඳව ද මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහුට ද හෙට දින වීසා ලැබෙනු ඇතැයි විශ්වාස කරන අතර වීසා අයදුම් කිරීමේදී අයදුම්පත්‍රය සමපූර්ණ කිරීමේදී වූ අතපසුවීමක් වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බව ද එම ආයකනයේ ප්‍රකාශකයතු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment