අසිරිමත් නත්තල අද මැදියමේ උදාවෙයි

346
අසිරිමත් නත්තල අද මැදියමේ උදාවෙයි

බෙත්ලෙහෙම්පුර දිළිඳු ගවහලක උපත ලැබූ කිතු සමිඳාණන් සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් උත්සවය අද (24 දා) මධ්‍යම රාත්‍රී (25දා) උදාවෙයි.

කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන නත්තල වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කිතුනු දෙව්මැඳුරුවල නත්තල් සැමරුමේ දේව මෙහෙයන් රැසක් පැවැත්වේ.

මෙදා නත්තල් උළෙල දිළිඳු පවුල් සමග බෙදාගන්නා ලෙස මීසම් පාලන පියතුමන්ලා විසින් සිදුකරනු ලබන නත්තල් දේශනවල අඩංගු වනු ඇත.

මේ අනුව මෙදා නත්තල් උළෙල රටේ ආර්ථිකමය තත්ත්වය මත චාම් මුහුණුවරක් ගනු ඇත.

එහෙත් මෙවර නත්තල් උත්සවයේදී චාරිත්‍රානුකූලව සිදුකරනු ලබන නත්තල් ගස් මෙන් කිතු උපත

සිහිගන්වන ගවහල් දෙව්මැඳුරුවල මෙන්ම කිතුනු නිවෙස්වල ඉදිකර ඇත.

නෝමන් පළිහවඩන


advertistmentadvertistment