අහංගම පංචාලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇත.ඝාතනයට ලක්වූ 26 හැවිරිදි පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවූවකු බව අනාවරණය වී ඇත.ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් අයකු සමග මෝටර් රථයකින් අහංගම ප්‍රදේශයේ මිතුරකු හමුවීමට පැමිණි අවස්ථාවේදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් මෝටර් රථය නවතා එහි ඉදිරිපස අසුනේ සිටි මියගිය අයට අසුන් දැයි විමසා පිස්තෝලයකින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
|