අහංගම පොලිසියේදී මනුස්සකම දෝරෙ ගලයි

804

අහංගම පොලිසියේ කොස්තාපල් නලින් පි‍්‍රයන්ත (80807) මහතා විසින් මහ මග වැටී තිබියදී අහුලා ගන්නා ලද රුපියල් 25000ක මුදල් පසුම්බියක් අයිතිකරු සොයා බාර දීමට පියවර ගත්තේය. නලින් ප‍්‍රියන්ත මහතා අහංගම දික්කුඹුර මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම මුදල් පසුම්බිය අහුලාගෙන පොලිස් ස්ථානයට පැමිණ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇත.

පසුව එහි තිබූ ලිපිනයක් අනුව අයිතිකරු වන වැලිගම පැළෑන ප‍්‍රභාත් ධීරසේකර මහතා කැඳවා මුදල් පසුම්බිය බාර දීමට පිවයර ගන්නා ලදී. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ අහංගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එච්. බන්දුල මහතා මුදල් අයිතිකරුට බාරදුන් අවස්ථාවයි. පසෙකින් සිටින්නේ මුදල් පසුම්බිය අහුලාගත් කොස්තාපල් නලින් ප‍්‍රියන්ත මහතායි.

අහංගම සුගතපාල දීයගහගේ


advertistmentadvertistment