අහසට වෙඩි: මන්නය කැලේ ජාවාරමා දැලේ

103

පොලිස් නිලධාරින්ට මන්නා ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ අයිස් ජාවාරම්කරුවකු අහසට වෙඩි ප්‍රහාර එල්ල කර බියවද්දා වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාද්දුව පල්ලියමංකඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

සැකකරු එල්ල කළ මන්නා පහරින් තරිඳු නමැති කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරු සන්තකයේ තිබී ප්‍රහාරයට යොදාගත් බව කියන මන්නා පිහියක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නවයකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පානදුර පොලිස් අධිකාරි (වැබ) නිශාන්ත සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment