අහසින් පොළොවට

248

නෙළුම් කුලුන මත සිට ඊයේ (12 දා) විදේශිකයෝ 35 දෙනෙක් පැරෂුට් ආධාරයෙන් උඩු ගුවනේ සිය වික්‍රමය සාර්ථකව විදහා පෑහ. පැවති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුව ද එම පිරිස සිය දක්ෂතා මැනවින් නෙළුම් කුලුන අහස්ගැබේ දැක්වූයේ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. එක් පැරෂුට් තරුණයෙක් පමණක් බිමට පතිතවීමේදී සුළු ආබාධයකට ලක් විය.

ජපන් ජාතික පියා (62) සහ දියණිය ද (24) මෙම අවස්ථාවට එක්වූ අතර ඔවුන් සාර්ථකව සිය දක්ෂතා දැක්වීමෙන් පසුව සුබපතාගත් අයුරු මෙලෙස දක්නට ලැබුණි.

අද (13) සහ හෙට (14) මෙම සන්දර්ශනය නෙළුම් කුලුන අභියස දී පැවැත්වේ.

පින්තූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment