අහිංසක අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහා නතර කළ යුතුයි

115

රට විනාශ කරමින් කෝටි ගණන් වංචා කළ දේශපාලකයෝ නිදැල්ලේ….

රට විනාශ කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අවභාවිත කළ දේශපාලකයන් අත්අඩංගුවට නොගෙන රට රැකීමට පෙරට ආ තරුණ අරගලකරුවන් .අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වහාම නතර කළ යුතු බවට රජයට අවධාරණය කරන බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය, ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (02 දා) ප්‍රකාශ කළහ.

රට පාලනයට මහජන ඡන්දයෙන් තේරී පත්ව ඇති දූෂිත දේශපාලකයන් තවදුරටත් දූෂණ ක්‍රියාවන්ගෙන් යෙදී සිටියදී රට රැකීම වෙනුවෙන් අරගල පෙළපාලි සහ උද්ඝෝෂණ සිදු කරන මෙරට තරුණ පරම්පරාව හිට්ලර්ගේ සහ ඉඩි අමීන්ගේ පිළිවෙතට මර්දනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මකවීම කුමන ගණයේ ලිච්ඡවි පාලනයක් දැයි උන්වහන්සේ විමසා සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද සඳහන් කර සිටියහ.

මෙරට තරුණ තරුණියෝ අරගල කිරීමට පෙරට ආවේ කාපු බත් දිරවගන්න බැරිව නොවෙයි. අධ්‍යාපන, ආහාර, තෙල්, ගෑස් ඇතුළු ප්‍රශ්න රැසක් එයට මුල්වුණා. රටේ මිනිස්සුන්ට අරගලය හැර වෙන මඟක් නැති වුණා. මේ අරගලයේ දේශපාලන කණ්ඩායම් හිටියේ නැහැ. ජනපති ලේකම් කාර්යාලයට හෝ අරලියගහ මැඳුරට මේ අය කරපු ඔය කියන විනාශය කුමක්ද? එතකොට දේශපාලකයෝ රටට මෙතුවක් කළ විනාශය කුමක්ද? මේක අත්තනෝමතික මර්දනයක්. රට තුළ පවතින සියලු දුෂ්කරතා මේ ජනාධිපතිවරයාට සහ රජයට අවසන් කළ හැකි නම් මේ රටේ අරගලයක් තිබේද?

සුජීව තත්ත්සර

advertistmentadvertistment
advertistmentadvertistment