අහිමි වූව ද දණින් පහළ දණින් නොවැටුණු සමිත

332

මෙවර පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල වර්ණවත් කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් දෙදෙනෙකි. එක් අයෙක් දිනේෂ් පි‍්‍රයන්තය. ඔහු ලෝක වාර්තාවක් පිහිටුවූවේය. අනෙක් කී‍්‍රඩකයා සමිත දුලාන්ය. ඔහු ද ලෝක වාර්තා අලූත් කරමින් තරග කළත් එම තරගයේදීම ඒවා බිඳ වැටිණි. එසේ නොවන්නට දිනේෂ් පි‍්‍රයන්ත මෙන්ම සමිත දුලාන්ද ලෝක වාර්තා පිහිටු වූ කී‍්‍රඩකයකු ලෙස ඉතිහාසයට එකතු වන්නේය. ඉන්දීය කී‍්‍රඩක සුමිත් අන්නිල් සහ ඔස්ටේ‍්‍රලියා කී‍්‍රඩක මයිකල් බ‍්‍රයන් සමිතගේ ඉසව්වෙන් රන් පදක්කම සහ රිදී පදක්කම ජයග‍්‍රහණය කළේය. සමිත දුලාන් ලෝකඩ පදක්කම ජයග‍්‍රහණය කළේ ශී‍්‍ර ලංකා පැරාලිම්පික් කී‍්‍රඩකයකු ලබා ගත් 4 වැනි පදක්කම ලෙස වාර්තා පොත්වලට එකතු කරමිනි.

ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන් ජපානයේ ටෝකියෝ නුවරදී ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග සාකච්ඡාවට එකතු වෙමින් ප‍්‍රකාශ කළේ මේ වතාවේ තමන් ජපානයට ගියේ අනිවාර්යයෙන් පදක්කමක් ගේනවා කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව බවයි.

‘‘කොහොමහරි පදක්කමක් ගේනවා කියලා හිතා ගෙන තමයි ජපානයට ගියේ. මොකද මම පසුගිය තරගාවලි දෙකකදී හතරවැනියා වෙලා සිටියා. එතනින් උඩට එන්න ලොකු අධිෂ්ඨානයක් තිබුණා. මම ඒ දෙය කළා.’’ යැයි සමිත දුලාන් බලාපොරොත්තු සඵල වූ හඬින් අප හට ප‍්‍රකාශ කර සිටියේය. ඔහු මීට පෙර 2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති පැරා ආසියා තරගාවලියේදී හතරවැනි ස්ථානය ජය ගෙන තිබුණේය. එසේම 2019 වසරේ ඩුබායිහි පැවැති ලෝක ශුරතා තරගාවලියේදී ද හතරවැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට සමිතට සිදු වී තිබිණි.

ඒ හතරවැනි ස්ථානවලින් සිතට සවිය ගත් සමිත දුලාන් අද පැරාලිම්පික් පදක්කම් ලාභියෙකි. පසුගිය ඉරිදා ටෝකියෝ පැරාලිම්පික් පිටියේ දිනේෂ් පි‍්‍රයන්ත රන් පදක්කම දිනාගෙන පැය කිහිපයක් ඉක්ම යන්නට පෙර සමිත ශී‍්‍ර ලංකාවට සිය ලෝකඩ පදක්කම තිළිණ කළේය. ඒ වෙනුවෙන් සමිතට ශී‍්‍ර ලංකා රජයෙන් රුපියල් කෝටි දෙකක තිළිණයක් පිරිනැමීමට නියමිතය.

සමිත දුලාන් සේවය කරන්නේ යුද හමුදා පොලිසියේය. 2009 වසරේදී ඔහු යුද හමුදා පොලිසියට එකතු වෙන්නේ කී‍්‍රඩා අංශය නියෝජනය කරමිනි. එනම් සමිත දුලාන් පාසල් යන කාලයේදීම දක්ෂ කී‍්‍රඩකයකුව සිටියේය. පාසල් ශිෂ්‍යයකුව සිටියදී ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සමස්ත ලංකා මට්ටමට පැමිණ ඇත. හෙල්ලට අමතරව සමිතගේ සුරතට හුරු වූ තවත් දෙකක් තිබිණි. එකක් යගුළියයි. අනෙක කවපෙත්තයි.

‘‘යගුළිය සහ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් ද දකුණු පළාත් කී‍්‍රඩා තරගාවලියට මම කී‍්‍රඩා කළා. 2006 සහ 2007 වසරවලදී තමයි මම එම දක්ෂතා ප‍්‍රදර්ශනය කළේ. ඒත් හොඳම දක්ෂතා දැක්වූවේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්. එහිදී පළාත් තරග ජය ගෙන සමස්ත ලංකා දක්වා යන්න මට පුළුවන් වුණා.’’

පාසල් ගිය ද සමිතගේ සිත කී‍්‍රඩාව වෙතමය. සමිත මාතර දෙනියාය ජාතික පාසලේ කීර්තියට පත්ව සිටියේ එම කී‍්‍රඩා දක්ෂතා නිසාය. ඔහු තරම් දුර යගුළිය, කවපෙත්ත හෝ හෙල්ල විසි කරන්න හැකියාවක් ඇති අයෙකු ඒ පළාතේ නොවීය. ඒ සහජ දක්ෂතා කරපින්නාගෙන යුද හමුදා පොලිසියට ගිය සමිත එහිදී පැවැත්වූ පළමු ආධුනික මලල කී‍්‍රඩා තරගාවලියේදීම යුද හමුදා වාර්තාවක් පිහිටුවමින් පළමු ස්ථානය දිනා ගත්තේය. ඒත් එම කී‍්‍රඩ උළෙල නිමා වී දින කිහිපයක් ගත වෙද්දී සමිත හදිසි අනතුරකට මුහුණ දුන්නේය. එහි ප‍්‍රතිඵලය වූයේ සමිතගේ වම් පාදයේ දණහිසින් පහළ ආබාධයට ලක් වීමයි.

‘‘කෑම්ප් එකේ පුහුණුවීම් කරලා බයිසිකලයෙන් ගෙදර යද්දී තමයි අනතුරට මුහුණ දුන්නේ. අනතුරෙන් පසු මගේ වම් පාදයේ දණහිසින් පහළ කොටස මට අහිමි වුණා. ඒත් මට මගේ ජීවිතය අහිමි වුණේ නැහැ. නැති වුණේ දණින් පහළ විතරයි. ඉතිරි වුණු හිතේ හයිය සමග මම කී‍්‍රඩා කළා.’

සිතේ සවියත් ගතේ සවියත් දෙක එකට එකතු කරගෙන ඔහු අනතුරෙන් අනතුරුව කී‍්‍රඩා කරන්නේය. දණහිසෙන් පහළ අහිමි වුව ද දණින් නොවැටුණු සමිත පැරා තරගාවලි ඉලක්ක කර ගෙන කී‍්‍රඩාවේ යෙදුණේය. 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය සමිතගේ පළමු පැරාලිම්පික් නියෝජනයයි. එම නියෝජනයේදීම ශී‍්‍ර ලංකා නාමය පැරාලිම්පික් බිමේ ලෝකඩ පදක්කමක් සනිටුහන් කරන්නට තරම් සමිත දක්ෂතාවලින් සවිමත්ව සිටියේය.

එම තරගයට සහභාගි වූ කී‍්‍රඩකයන් අතරේ තරගයට පෙර කරන ලද දක්ෂතා වර්ගීකරණය අනුව සමිත සිටියේ හයවැනි ස්ථානයේය. එතෙක් ඔහුගේ උපරිම දක්ෂතාවය වූයේ මීටර් 58.38ක් දුරට හෙල්ල විසි කිරීමය. සමිතට ඉහළින් 5 වැනි ස්ථානයේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩක චමින්ද සම්පත් සිටියේය. චමින්දගේ උපරිම දක්ෂතාව මීටර් 59.32ක් ලෙස සටහන් වුණි. ඒත් දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ ඒ සමාන ආබාධයන්ගෙන් පෙළෙන කී‍්‍රඩකයන් අතර හෙල්ල විසි කිරීමේ ඉසව්ව ආරම්භ වූ පසුව සමිත වාර්තා කළ දක්ෂතා විස්මිත විය. දුවගෙන විත් සමිත පළමු වරට එල්ල කළ හෙල්ල මීටර් 62.11ක් ද, තෙවැනි වර එල්ල කළ හෙල්ල මීටර් 63.49ක දුරක් ද ගුවන් ඇදී ගියේය. එම මීටර් 63.49 ලෝක වාර්තාවක් වූ අතර අනතුරුව හතරවැනි එල්ලයේදී ඔහු මීටර් 65.91ක් දුරට හෙල්ල විසි කළේය. එය තවත් ලෝක වාර්තාවක් විය. එහෙත් සමිතට පසුව එම ඉසව්වට තරග වැදුණු ඉන්දීය කී‍්‍රඩක සුමිත් අන්නිල් මීටර් 62.88ක් දුරට හෙල්ල විසිකර තබා තිබූ ඔහුගේ ලෝක වාර්තාව තමාගේ උත්සාහක අවස්ථා 5 තුළදීම නැවත නැවත අලූත් කරමින් අලූත්ම ලෝක වාර්තාවක් ද පිහිටුවා රන් පදක්කම ජය ගත්තේය. අවසානයේ සුමිත් මීටර් 68.55ක් ද, ඔස්ටේ‍්‍රලියා කී‍්‍රඩක මයිකල් බ‍්‍රයන් මීටර් 66.29ක් ද දක්ෂතාවයක් පිහිටවූ අතර මයිකල් බ‍්‍රයන් රිදී පදක්කම ජය ගත්තේය.

සමිත දුලාන් මේ වනවිට පදිංචිව සිටින්නේ කළුතර වාඩියමංකඩ ප‍්‍රදේශයේය. මෙතෙක් ඔහු පැමිණි ගමන් මඟ සඳහා සහයෝගය දැක්වූ අය පිළිබඳව මතක් කරන්නට ද සමිත අමතක කළේ නැත.

‘‘මගේ දෙමව්පියන්, බිරිඳ ඒ වගේම මගේ පාසලේ කී‍්‍රඩා ගුරුවරුන් වන ජගත්, වජිර සහ මංචනායක ගුරුවරුන් ද, යුද හමුදාව, යුද හමුදා පොලිසිය මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. එමෙන්ම ප‍්‍රදිප් නිශාන්ත ගුරුවරයා ද කී‍්‍රඩා අමාත්‍යාංශය හා කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාටත්, මට සහයෝගය දැක්වූ හැම දෙනාටමත් ස්තුතියි.’’ සමිත තවදුරටත්එසේ ප‍්‍රකාශ කර සිටියේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment