අහුන්ගල්ලේදී රුසියානු ජාතිකයා රළ පහරට හසුව මියයයි

64

අහුන්ගල්ල මුහුදු වෙරළේ දිය නෑමට ගිය රුසියානු ජාතික විදේශිකයකු රළ පහරකට හසු වී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රුසියාවේ මොස්කව් හි පදිංචි වර් ඩ්ෂාඩ් ඇලෙක්සි (59) නැමති එක් දරු පියෙකි.

කරන්දෙණිය හදිසි මරණ පරීක්ෂක පී. සොමිරත්න මහතා විසින් මේ පිළිබඳව බලපිටිය මූලික රෝහලේ දී පවත්වන ලද මරණ පරීක්ෂණය ඉදිරියේ මියගිය අයගේ බිරිය වන යකුනිකා එලේනා (57) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

පසුගිය 10 වැනි දින ලංකාවට පැමිණ අහුන්ගල්ල රියු හෝටලයේ නවාතැන් ගත් බවත් 18 වැනි දින උදේ හතයි දහයට පමණ මුහුදේ නෑමට ගිය විටදී රළ පහරකට හසු වී මියගිය බවත්, 19 වැනිදා සිරුර වෙරළට ගොඩ ගසා තිබූ බවත් කීවාය.

අහුන්ගල්ල පොලිසියේ පොලිස් සැරයන් සත්සර ගුණසේකර මහතා (62021) සාක්ෂි මෙහෙය වූ අතර බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. ඩබ්ලිව්. ලේල්වල මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

හෙළි වූ සාක්ෂි වෛද්‍ය වාර්තා අනුව දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදු වූ මරණයක් බවට මරණ පරීක්ෂකවරයා තීරණය කළේය.

බලපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment