අහුන්ගල්ලේ ඝාතනයට ‘ආදරේ’ අල්ලයි

289

අහුන්ගල්ල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (14දා) සමත්විය.

එම බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරු කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී කොටු කරගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්කුඩු මිලිග්‍රෑම් 1150ක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 08 වැනිදා අහුන්ගල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කිරීමට අදාළ වෙඩික්කරු හට ආධාර අනුබල දුන් පුද්ගලයා මොහු බවට හෙළි විණැයි එම බළකාය කියයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා එම බළකාය කොස්ගොඩ පොලිසියට භාරදී ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment