අළුබඳුන සිව්වැනි තරගයේ එංගලන්තය පෙරමුණේ

116

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මැන්චෙස්ටර්හි දී පැවැත්වෙන සිව්වැනි තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 384ක් ලබා සිටියේය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රව්ලි පන්දු 182 කින් ලකුණු 189 ක් රැස් කර ගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 21 ක් ඇතුළත් වූයේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාවේ සියලු ක්‍රීඩකයන් ලකුණු 317 කට දැවී ගියේය.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 67 ක් ඉදිරියෙන් සිටී.

එංගලන්තය වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි හැරී බෲක් ලකුණු 14 ක් ද, බෙන් ස්ටොක්ස් ලකුණු 24 ක් ද ලබා සිටි අතර බෙන් ඩකට් එක් ලකුණකට දැවී ගිය අතර, මොයින් අලී ලකුණු 54 ක් ද, ජෝ රූට් ලකුණු 84 ක් ද ලබා ගත්හ.


advertistmentadvertistment