ආගමන කාලයේ දැල්වෙන ඉටිපහන් හතර

294

මේ ආගමන කාලයයි. ආගමන කාලය තුළ දෙව් මැඳුරට පිවිසෙන ඔබ ඉරිදා දිව්‍ය පූජාවේදී කොළ පැහැති චක්‍රයක් තුළ ඇති ඉටි පහන් හතරක් පියතුමා විසින් දල්වන ආකාරය නිරීක්‍ෂණය කරනු ඇත. මේ ඉටිපහන්වල අරුත කුමක්ද?

ඉටිපහන් හතර සහිත හරිත චක්‍රය පිළිබඳ කතාව දහවන සියවසේ මුල් භාගය තෙක් දිවේ. 18 සියවස අග භාගයේ යුරෝපයේ විශේෂයෙන් ප්‍රංශයේ විiා චින්තන ප්‍රබෝධය සමඟ දේව විශ්වාසය පසෙකට තල්ලු වී තර්කවාදය ඉස්මතු වන්නට විය. කිතුදහම ඇදහීම දණ්ඩනයට ලක්වීමට හේතුවක්වූ අතර ඇතැම් පූජකවරුන් ඝාතනයට කෙරිණි. එබැවින් සැදැහැවතුන් ආගම ඇදහුයේ බියෙනි. සැකයෙනි. රහසිගතවය.

ආගමන සමයේදී පවා තම නිවෙස්වල රැඳී ආගම ඇදහීම සිදුවිය. ඒ අනුව හරිත චක්‍රය සාදා මෙවන් සැමරුමකට මුලින් යොමුවූවෝ ජර්මන් ජාතිකයෝය. ඒ නිවෙස් තුළය. කස අතු රිකිලි වැනි හරිත කොළ වලින් චක්‍රයක් සාදා ඒ තුළ දම්පාට ඉටි පහන් තුනක්ද රෝස පාට ඉටිපහනක්ද මැද සුදු ඉටිපහනක්ද දල්වා එය සැකසිණි. කොළ පාට සෞභාග්‍යයේ නැවුම්බවේ හා සදාතනිකත්වයේ සංකේතය බව යුරෝපීය පිළිගැනීමයි. දම්පාට මත්සතාපයේ, පසුතැවිල්ලේ සංකේතයයි. ඒ අනුව දම්පාට ඉටිපහන සැබෑ මතස්තකයට තුළ සිදුවිය යුතු දැහැමි පරිවර්තනය අපට පසක් කර දෙයි. රෝස ඉටිපහන ආනන්දයේ ඉටිපහනයි. ජේසු තුමන් ගැලවුම්කාරයා ලෙස පිළිගැනීම තුළින් දක්වන අධ්‍යාත්මික ප්‍රීතිය ඉන් ප්‍රකාශිතය. මැද සුදු ඉටිපහන ජේසු සමිඳුන් සංකේතවත් කරයි.

මුල් කාලයේ පවුලේ ප්‍රධානියා පළමු ඉරිදා අදාළ සුවිශේෂ පාඨය කියා ඉන්පසු දම්පාට ඉටිපහන දැල්වීය. දෙවන ඉරිදා දින ඊළඟ දම්පාට ඉටිපහනද තුන්වන ඉරිදා රෝසපාට ඉටිපහන සමඟ ඉතිරි දම්පාට ඉටිපහන දල්වන ලදී. හතරවන ඉරිදා ඉටිපහන් හතරමය. අද සෑම දෙව්මැඳුරකම මේ චක්‍රය දැකගත හැකිය.

පුදසුන අසල මෙම හරිත චක්‍රය දැකගත හැකිය. ආගමන කාලය නව ජනවන්දනා වසරක ඇරඹුමයි. ජේසු සමිඳුන් නත්තල් දා මෙලොව තුළ මාංශගතවීම හා එමගින් පාප අඳුරින් පිරි ලොව ආලෝකවත් කළ බව මින් සංකේතවත් කෙරේ. එසේම පාප අඳුර තබා ජේසු සමිඳුන් මානව විමුක්තියේ ආලෝකය වූ බව මෙම ඉටිපහන් කියාපායි.

කැලිස්ටස් ජයමාන්න

advertistmentadvertistment
advertistmentadvertistment