රාජ්‍ය ඇමැති ඩයනා හැර තවත් ඩයනා කෙනෙක් හැඟෙන පරිදි ආගමන විගමන පාලක ‘දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරලා’
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ බි්රතාන්ය පුරවැසිභාවය හා ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා විසින් ඉදිරිපත් කොට තිබූ දිවුරුම් ප්‍රකාශයක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැඩිව ප්‍රශ්න කිරීමට බඳුන් කළේය.
තමන් එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ නඩු කටයුත්තට පාදක වූ රාජ්‍ය ඇමැතිනි සම්බන්ධයෙන්ද නැතහොත් එවැනි නමක් ඇති තවත් කෙනෙකු සම්බන්ධයෙන්දැයි ප්‍රශ්න සහගත බව ආගමන විගමන පාලකවරයා එම දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණයට කියා තිබිණි.
ඒ පිළිබඳව ස්ථිර නිගමනයකට එළැඹී නැතිනම් අධිකරණය හමුවේ කැඳවනු ලබන නඩු කටයුත්ත සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළේ මන්දැයි ආගමන විගමන පාලකවරයාගෙන් විමසිය යුතුව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය.
බි්රතාන්ය පුරවැසිභාවය හිමි නඩුවට පාදකවූ රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට අමතරව තවත් ඩයනා ගමගේ කෙනෙක් ඇතැයි හැඟෙන පරිදි ආගමන විගමන පාලකවරයා එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කොට ඇති බවත් එබැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකර නිසි පියවර ගන්නා ලෙසටත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් පාරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය බි්රතාන්ය පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තමන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් බහුතර තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා එම අභියාචනාව ගොනුකර තිබිණි. එම අභියාචනාව විභාගයට ගැනීමට අවසර ලබාදුන් ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පුලි හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ලබන මස 12 සහ 13 වැනිදා විවාදය පැවැත්වීමට දින නියම කළේය. ඒ පිළිබඳ විරෝධතා ඇතිනම් සතියක කාලයක් ඇතුළත විරෝධතා ගොනු කරන ලෙසත් ප්රතිවිරෝධතා ඉන්පසු දින තුනක් ඇතුළත ගොනු කරන ලෙසත් විනිසුරු මඬුල්ල නියෝග කළේය.
ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක